Search

මෙල්බන් ජනතාවට කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්

මෙල්බන් හි උතුරු තදාසන්න ප්‍රදේශවලට පැයට කිලෝමීටර 100 ඉක්මවූ තද සුළං ඇතිවිය හැකි බවට කාළගුණික අංශ අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

හානිකර සුළි සුළංවලින් වැඩි බලපෑමක් නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්තයන්ට සිදුවිය හැකි අතර ජනතාවට ඒ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසයි දැනුම් දී ඇත්තේ.

කාලගුණ විද්‍යා කාර්යාංශය ඊයේ (24) පස්වරුවේ නිවේදනය කළේ මෙල්බර්න් හි උතුරු තදාසන්න ප්‍රදේශ සහ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ දකුණු ප්‍රදේශ සඳහා හානිකර සුළං ඇති විය හැකිබවයි .

තද සුළං සමග වාර්ෂා සහිත කාලගුණික තත්වයක් පවතින බැවින් මෙල්බන් අවට තවදුරටත් තෙතමනයකින් යුත් කාලගුණයක් අපේක්ෂා කරන බව සදහන්.

අද (25) සවස් කාළය වන විය සුළං අවදානම ක්‍රමයෙන් පහව යනු ඇතැයි කාලගුණ විද්‍යා කාර්යාංශය සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් ප්‍රදේශයට පැයට කිලෝමීටර 125 දක්වා දරුණු සුළං අවදානමක් පවතින බවින් අතර ජනතාව ඒ පිළිබද අවදානයෙන් පසුවීම වැදගත් වනු ඇති.

2024 වික්ටෝරියා අධ්‍යාපන සම්මාන නිර්දේශ අතරට ලාංකික සිසු සිසුවියන් කිහිප දෙනෙකුත්

2024 වසරේ වික්ටෝරියා ජාත්‍යන්තර අධ්‍යාපන සම්මාන සඳහා (Victoria’s education awards) ශ්‍රී ලාංකික සිසු සිසුවියන් කිහිප දෙනෙකු ද සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන්ට මුදල් ඉතිරි කර ගන්න මෙන්න සුබ පණිවුඩයක්

ඉදිරි මාස 12ක කාලයක් තුල පොලී අනුපාත කප්පාදු හතරක් සිදු වන බවට ඔස්ට්‍රේලියා කොටස් වෙළඳපල හුවමාරුව (ASX) පුරෝකථනය කර තිබෙනවා.

Read More »

QLD ශත 50 ගාස්තුව ගැන ප්‍රධාන පක්ෂ දෙකෙන්ම පොරොන්දුවක්

ලබන මාසයේ පැවැත්වෙන ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත මැතිවරණයෙන් කුමන පක්ෂය ජයග්‍රහණය කළ ද පොදු ප්‍රවාහනයට හඳුන්වා දුන් ශත 50 ගාස්තුව තවදුරටත් පවත්වාගෙන යාමට ප්‍රධාන පක්ෂ දෙකම පොරොන්දු වී තිබෙනවා.

Read More »

ජයග්‍රාහකයාට එපා වූ $ මිලියනයේ ජයමල්ලට දින 10 කින් වෙන්න යන දේ

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දකුණු ඔස්ට්‍රේලියාවේ දිනුම් අදිනු ලැබූ ලොතරැයියක ඩොලර් මිලියනයක ත්‍යාග මුදල ලබා ගැනීමට මෙතෙක් කිසිවෙකුත් ඉදිරිපත් වී නොමැති බව වාර්තා වනවා.

Read More »

Summer එළැඹීමත් සමග hay fever ගැන අනතුරු ඇගවීමක්

ගිම්හාන (Summer) සෘතුව ආරම්භවීමත් සමග ඔස්ට්‍රේලියානුවන් අතර සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ රෝගය ක්‍රමයෙන් ව්‍යාප්ත වනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ අපරාධ අගනුවර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ලේබර් (Labor) පක්ෂ පාලනය යටතේ ලිංගික අපරාධ, මංකොල්ලකෑම් සහ විවිධ අමානුෂික පහරදීම් වැනි සාපරාධි ක්‍රියා වැඩිවී ඇති බවට විපක්ෂය චෝදනා කරනවා‍

Read More »