
නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පෝට් මැක්වාරි හිදී (Port Macquarie) මෝරෙකුගේ ප්‍රහාරයකට ලක්වූ සර්ෆින් ක්‍රීඩකයෙකුගේ පාදයක් වෙරළ තීරයට ගසාගෙන ඒමේ සිදුවීමක් වාර්තා වනවා.
ඊයේ මෙම ප්‍රහාරයට ලක්වූ 23 හැවිරිදි සර්ෆින් ක්‍රීඩිකයාගේ පාදය අනතුරින් පැයකට පමණ පසු මුහුදු වෙරළට ගසාගෙන පැමිණ තිබූ අතර එය නැවත බද්ධ කිරීම සඳහා රෝහලට රැගෙන ගොස් ඇති බවයි සඳහන් වන්නේ.
ඊයේ උදෑසන ඔහු Port Macquarie හි North Shore Beach ප්‍රදේශයේ සර්ෆින් ක්‍රීඩාවේ නිරත වෙමින් සිටියදී විශාල මෝරෙකුගේ පහරදීමට ලක්ව තිබුණා.

මෙම සිදුවීම දුටු වෙරළේ සිටි පුද්ගලයන් පැවසුවේ මෝරා මෙම ක්‍රීඩකයාගේ පසුපසින් පැමිණ ඔහු මුහුදට ඇදගෙන යාමට උත්සාහ කළ බවයි.
එහෙත් එම ප්‍රහාරය නොතකා ඔහු අසීරුවෙන් යළිත් වෙරළට පැමිණ ඇති බව සඳහන්.

අනතුර දුටු වහාම අවට රැස්ව සිටි පිරිස් විසින් බලධාරීන් දැනුවත් කර රළ පහරට වෙරළට ගසාගෙන පැමිණි පාදය ද අයිස් මත තබා රෝහල වෙත ගෙන ගොස් තිබෙනවා.
ඔහුගේ තත්ත්වය බරපතල වන අතර ශල්‍යකර්මයකට ද ලක්කර ඇති බව නිව් සවුත්වේල්ස් සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළා.
මෙම සර්ෆින් ක්‍රීඩකයා ගෙල ප්‍රදේශයේ ඇති වූ ආබාධයකට ලක්වීමෙන් පසු සුවය ලබා නැවත සර්ෆින් සඳහා යොමුව ඇත්තේ මෑතකදී බව සඳහන්.