Search

වික්ටෝරියා කාන්තාවන්ට සම තැන දෙන්න නව යෝජනාවක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ස්ථාපිත කිරීමේ අරමුණින් පොදු ස්මාරක කිහිපයක් කාන්තාවන්ගේ නමින් නම් කිරීමට ප්‍රාන්ත රජය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව වික්ටෝරියා ප්‍රාන්තයේ අනුස්මරණ ස්ථාන නාමවලින් තුනෙන් දෙකකට වඩා කාන්තාවන්ට ගෞරවය දැක්වීමේ අරමුණින් නම් කරන බව සඳහන්.

පිරිමින්ට දක්වන ඇගයීමට සාපේක්ෂව කාන්තාවන්ගේ ජයග්‍රහණ සඳහා ද ප්‍රමාණවත් පිළිගැනීමක් වික්ටෝරියා ප්‍රාන්තය තුළ ලබා දී නොමැති බව පසුගියදා ප්‍රකාශයට පත්වී තිබුණා.

ඒ අනුව ඉදිරි වසර තුන තුළ සියලුම අතිරේක සැමරුම් ස්ථානවලින් සියයට 70ක් විශේෂ ඇගයීම්වලට ලක්වූ වික්ටෝරියානු කාන්තාවන්ගේ නමින් නම් කිරීමේ ඉලක්කයක් පවතින බව සඳහන්.

2027 වන විට තදාසන්න ප්‍රදේශ, මාර්ග, පාසල්, උද්‍යාන, ගොඩනැගිලි සහ ප්‍රජා පහසුකම් ඇතුළුව නව ස්ථාන 6,000කට වැඩි ප්‍රමාණයක් කාන්තාවන්ගේ නම්වලින් නම් කිරීමට රජයේ අපේක්ෂාව වී තිබෙනවා.

මේ සඳහා කාන්තාවන් නම් කිරීමට වික්ටෝරියානුවන්ට නාමයෝජනා ඉදිරිපත් කරන ලෙසටද දැනුම් දී තිබෙනවා.

2027 වසර වන විට පොදු උද්‍යන, මහා මාර්ග සහ තදාසන්න ප්‍රදේශ ආශ්‍රිත ඉදිවන ස්මාරක වැඩි ප්‍රමාණයක් සඳහා කාන්තා නම් ලබා දෙනු ඇති බව සඳහන්.

2024 වික්ටෝරියා අධ්‍යාපන සම්මාන නිර්දේශ අතරට ලාංකික සිසු සිසුවියන් කිහිප දෙනෙකුත්

2024 වසරේ වික්ටෝරියා ජාත්‍යන්තර අධ්‍යාපන සම්මාන සඳහා (Victoria’s education awards) ශ්‍රී ලාංකික සිසු සිසුවියන් කිහිප දෙනෙකු ද සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන්ට මුදල් ඉතිරි කර ගන්න මෙන්න සුබ පණිවුඩයක්

ඉදිරි මාස 12ක කාලයක් තුල පොලී අනුපාත කප්පාදු හතරක් සිදු වන බවට ඔස්ට්‍රේලියා කොටස් වෙළඳපල හුවමාරුව (ASX) පුරෝකථනය කර තිබෙනවා.

Read More »

QLD ශත 50 ගාස්තුව ගැන ප්‍රධාන පක්ෂ දෙකෙන්ම පොරොන්දුවක්

ලබන මාසයේ පැවැත්වෙන ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත මැතිවරණයෙන් කුමන පක්ෂය ජයග්‍රහණය කළ ද පොදු ප්‍රවාහනයට හඳුන්වා දුන් ශත 50 ගාස්තුව තවදුරටත් පවත්වාගෙන යාමට ප්‍රධාන පක්ෂ දෙකම පොරොන්දු වී තිබෙනවා.

Read More »

ජයග්‍රාහකයාට එපා වූ $ මිලියනයේ ජයමල්ලට දින 10 කින් වෙන්න යන දේ

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දකුණු ඔස්ට්‍රේලියාවේ දිනුම් අදිනු ලැබූ ලොතරැයියක ඩොලර් මිලියනයක ත්‍යාග මුදල ලබා ගැනීමට මෙතෙක් කිසිවෙකුත් ඉදිරිපත් වී නොමැති බව වාර්තා වනවා.

Read More »

Summer එළැඹීමත් සමග hay fever ගැන අනතුරු ඇගවීමක්

ගිම්හාන (Summer) සෘතුව ආරම්භවීමත් සමග ඔස්ට්‍රේලියානුවන් අතර සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ රෝගය ක්‍රමයෙන් ව්‍යාප්ත වනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ අපරාධ අගනුවර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ලේබර් (Labor) පක්ෂ පාලනය යටතේ ලිංගික අපරාධ, මංකොල්ලකෑම් සහ විවිධ අමානුෂික පහරදීම් වැනි සාපරාධි ක්‍රියා වැඩිවී ඇති බවට විපක්ෂය චෝදනා කරනවා‍

Read More »