ඩිමෙන්ශියාව (dementia) සහ මානසික අවපීඩනය ඇතිවීමේ අවදානම හඳුනා ගත හැකි නව සොයා ගැනීමක් බ්‍රිතාන්‍ය පර්යේෂණ කණ්ඩායමක් විසින් සිදු කර තිබෙනවා.
වෛද්‍ය ක්‍රියාවලියකින් තොරව ඩිමෙන්ශියාව හෝ ආඝාත අවදානම තක්සේරු කිරීමේ උපකරණයක් වන Brain Care Score සාර්ථක ලෙස නිර්මාණය කර ඇති බවයි සඳහන් වන්නේ.
මෙමගින් ජීවිතයේ පසුකාලීනව සිදු වන මානසික අවපීඩනය වර්ධනය වීමේ සම්භාවිතාව පෙර සිට පුරෝකථනය කිරීමට අවස්ථාව හිමිවන බව සඳහන්.
Brain Care Score යනුවෙන් අදහස් කරනු ලබන්නේ පුද්ගලයෙකු ශාරිරික සෞඛ්‍ය, ජීවන රටාව සහ සමාජමය වශයෙන් සෞඛ්‍යයට අදාළ සාධක 12 ක් මත රඳා සිටින ආකාරය පරීක්ෂා කර බැලීමයි.
මෙමගින් මානසික අවපීඩනයෙන් ආරක්ෂා වීමට බලාපොරොත්තුවක් ද ලබා දෙන බව සඳහන් වන අතර ශරීර ස්කන්ධ දර්ශකය, ජීවන රටා සාධක සහ අහිතකර සෞඛ්‍ය පුරුදු පාලනයටද එමගින් අවස්ථාව හිමිවනවා.
මෙම අධ්‍යයනය අවම වශයෙන් වසර 10ක් තුළ එක්සත් රාජධානියේ අවුරුදු 40 ත් 69 ත් අතර පුද්ගලයින් 500,000 කට වැඩි පිරිසක් යොදා ගෙන සිදුකර තිබුණා.