Search

මෙල්බන්වල තරුණයෙකුට දිවි අහිමි කළ බාල වයස්කරුවන්ට අමතක නොවන දඬුවමක්

2022 වසරේ මාර්තු 13 වනදා මෙල්බර්න් හිදී 16 හැවිරිදි පිරිමි ළමයෙකු අමානුෂික ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ තවත් බාල වයස්කරුවන් 4 දෙනෙකුට සිර දඬුවම් නියම කර තිබෙනවා.

තම මිතුරන් සමග සාදයකට සහභාගී වී අලුයම 2.30ට පමණ නැවත නිවසට පැමිණෙමින් සිටියදී සොරකම් කළ මෝටර් රථයකින් පැමිණ සැකකරුවන් මෙම පිරිමි ළමයාට පහරදී ඝාතනය කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

පිහි ප්‍රහාරවලින් සිදු වූ තුවාල 56ක් සහ මොට ආයුධයකින් සිදු කළ පහරදීමෙන් ඇති වූ තුවාල 66ක් ඇතුළුව තුවාල 152ක් හේතුවෙන් මෙම ළමයා මරණයට පත්ව තිබුණා.

මෙම සම්පූර්ණ ප්‍රහාරය CCTV කැමරාවක සටහන්ව තිබු අතර ඒ අනුව කළ විමර්ශනවලදී අවුරුදු 13, 14, 16 සහ 18 වයස්වල පසුවන සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වික්ටෝරියානු ශ්‍රේෂ්ඨාධිකරණය මෙම ඝාතනයට අදාළව මෙම බාල වයස්කරුවන් වැරදිකරුවන් බවට තීන්දු කිරීමෙන් පසු ඔවුන්ට වසර 19 සහ 18 බැගින් වූ සිර දඬුවම් නියම කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර මෙම ඝාතනයට සම්බන්ධ තවත් අවුරුදු 14 සහ 16 වයස්වල පසු වූ පිරිමි ළමයින් තුන් දෙනෙකුට පසුගිය සතියේ වසර 15ක සහ 4ක සිර දඬුවම් නියම කර තිබුණා.

සංක්‍රමණිකයන් නිසා වෙනස් වූ ඔස්ට්‍රේලියාවේ ජනගහණය ගැන අලුත් වාර්තාවක්

ඔස්ට්‍රේලියාවේ ඉහළම ජනගහන වර්ධනය වාර්තා වන ප්‍රාන්තය බටහිර ඔස්ට්‍රේලියාව බවට නව සංඛ්‍යාලේඛන මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මෝටර් රථ සොරකමේ ගිය මෙල්බන්වල ගැහැණු ළමයින් දෙදෙනෙකුට වැඩ වරදී

මෙල්බර්න් නගරයේදී මෝටර් රථ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගැහැණු ළමයින් ඇතුළු බාල වයස්කරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

නව COVID ප්‍රභේදයක් තවත් සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට?

XEC ලෙසින් හැඳින්වෙන නව COVID ප්‍රභේදයක් ව්‍යාප්ත වෙමින් පවතින අතර එය සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට ළඟා වනු ඇති බවට සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවනවා.

Read More »

විපක්ෂයේ සැලසුමක් නිසා නිවාසවල විදුලි බිල්පත් ගාස්තු ඉහළ යන ලකුණු

න්‍යෂ්ටික බලාගාර 7ක් ඉදිකිරීමට ෆෙඩරල් විපක්ෂය ඉදිරිපත් කර ඇති සැලැස්ම හේතුවෙන් පවුල් ඒකකවලට වසරකට ඩොලර් 655කින් පමණ බලශක්ති බිල්පත් වැඩි වන බව නව වාර්තාවක් පෙන්වා දෙනවා.

Read More »