Search

වික්ටෝරියා පාර්ලිමේන්තුවේ හිටපු ශ්‍රී ලාංකික මන්ත්‍රීවරවරයෙක් දිවි ගමනට සමුදෙයි

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්ත පාර්ලිමේන්තුවේ ශ්‍රී ලාංකික මන්ත්‍රීවරයෙක් වූ ජූඩ් පෙරේරා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට 71 හැවිරිදි වියෙහි පසු වූ හිටපු මන්ත්‍රීවරයා වික්ටෝරියා ප්‍රාන්ත පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලැබුවේ Cranbourne ආසනයෙන්.

ජූඩ් පෙරේරා යනු කම්කරු පක්ෂය සඳහා Cranbourne ආසනය නියෝජනය කරමින් 2002 සිට 2018 දක්වා වික්ටෝරියානු ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයෙකු ලෙස සේවය කළ හිටපු ඕස්ට්‍රේලියානු දේශපාලනඥයෙක්.

1953 මැයි 27 වනදා ශ්‍රී ලංකාවේදී උපත ලැබූ ඔහු මීගමුව මාරිස් ස්ටෙලා (Maris Stella College) විද්‍යාලයේ ආදි සිසුවෙක් වන අතර යාපනය විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධියක් ද ලබා තිබෙනවා.

ජූඩ් පෙරේරා 2002 වසරේ වික්ටෝරියා පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර 2003 සිට 2006 දක්වා පනත් සහ රෙගුලාසි විමර්ශන කමිටුවේ (Scrutiny of Acts and Regulations Committee) සහ 2007 සිට 2010 දක්වා පවුල් හා ප්‍රජා සංවර්ධන කමිටුවේ (Family and Community Development Committee) සභාපතිවරයා ලෙස ද සේවය කර තිබෙනවා.

ඊට අමතරව ඔහු 2011 වසරේ සිට 2014 දක්වා බහු සංස්කෘතික කටයුතු (Multicultural Affairs) සඳහා Shadow පාර්ලිමේන්තු ලේකම්වරයා ලෙස ද කටයුතු කළා..

අවමංගල්‍ය කටයුතු පිළිබඳව ඉදිරි දිනවලදී දැනුවත් කරන බවයි පවුලේ ඥාතීන් සඳහන් කළේ.

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන්ට මුදල් ඉතිරි කර ගන්න මෙන්න සුබ පණිවුඩයක්

ඉදිරි මාස 12ක කාලයක් තුල පොලී අනුපාත කප්පාදු හතරක් සිදු වන බවට ඔස්ට්‍රේලියා කොටස් වෙළඳපල හුවමාරුව (ASX) පුරෝකථනය කර තිබෙනවා.

Read More »

QLD ශත 50 ගාස්තුව ගැන ප්‍රධාන පක්ෂ දෙකෙන්ම පොරොන්දුවක්

ලබන මාසයේ පැවැත්වෙන ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත මැතිවරණයෙන් කුමන පක්ෂය ජයග්‍රහණය කළ ද පොදු ප්‍රවාහනයට හඳුන්වා දුන් ශත 50 ගාස්තුව තවදුරටත් පවත්වාගෙන යාමට ප්‍රධාන පක්ෂ දෙකම පොරොන්දු වී තිබෙනවා.

Read More »

ජයග්‍රාහකයාට එපා වූ $ මිලියනයේ ජයමල්ලට දින 10 කින් වෙන්න යන දේ

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දකුණු ඔස්ට්‍රේලියාවේ දිනුම් අදිනු ලැබූ ලොතරැයියක ඩොලර් මිලියනයක ත්‍යාග මුදල ලබා ගැනීමට මෙතෙක් කිසිවෙකුත් ඉදිරිපත් වී නොමැති බව වාර්තා වනවා.

Read More »

Summer එළැඹීමත් සමග hay fever ගැන අනතුරු ඇගවීමක්

ගිම්හාන (Summer) සෘතුව ආරම්භවීමත් සමග ඔස්ට්‍රේලියානුවන් අතර සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ රෝගය ක්‍රමයෙන් ව්‍යාප්ත වනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ අපරාධ අගනුවර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ලේබර් (Labor) පක්ෂ පාලනය යටතේ ලිංගික අපරාධ, මංකොල්ලකෑම් සහ විවිධ අමානුෂික පහරදීම් වැනි සාපරාධි ක්‍රියා වැඩිවී ඇති බවට විපක්ෂය චෝදනා කරනවා‍

Read More »