ඔස්ට්‍රේලියාවේ කිසියම් ආයතනයකට සංක්‍රමණිකයෙකු සේවකයෙක් වශයෙන් රැකියාවක් සඳහා බඳවා ගැනීමට අදාළ කොන්දේසි කිහිපයක් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
පුද්ගලයෙකුට ඔස්ට්‍රේලියාවේ නීත්‍යානුකූලව සේවය කළ හැක්කේ ඔවුන් ඔස්ට්‍රේලියානු පුරවැසියෙක් හෝ රැකියාවක් සඳහා අවසර ඇති වලංගු වීසා බලපත්‍රයක් හිමි අයෙකු නම් පමණක් බවයි දෙපාර්තමේන්තුව අවධාරණය කර ඇත්තේ.
ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ සේවායෝජකයන් ද තමන් බඳවා ගන්නා සේවකයන් ඔස්ට්‍රේලියාවේ නීත්‍යානුකූලව රැකියා කළ හැකි අය ද යන්න නිරන්තරයෙන් පරීක්ෂා කළ යුතු බවයි.
ඇතැම් වීසා බලපත්‍රලාභීන්ට සීමා රහිතව සේවය කළ හැකි අතර තවත් පිරිසකට රැකියා සඳහා සීමා පවතිනවා.
එමෙන්ම ඇතැම් සංක්‍රමණිකයන්ට කිසිසේත්ම ඔස්ට්‍රේලියාවේ රැකියා කිරීමට අවසර හිමි වන්නේ නැහැ.
තමා ඔස්ට්‍රේලියානු පුරවැසියෙකු හෝ ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිකරුවෙකු බව ඔප්පු කළ හැකි පුද්ගලයින්ට මෙරට තුළ සීමා රහිතව රැකියා කිරීමට අවස්ථාව පවතිනවා.
කෙසේවෙතත් ජාතික සේවා ස්ථාන නීති (National workplace laws) අනුව සංක්‍රමණ තත්ත්වය නොසලකා සියලුම සේවකයින් ආරක්ෂා කරන බවයි ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.
මෙරට පුරවැසියෙකු නොවන අයෙකුට ඔස්ට්‍රේලියාවේ සේවය කිරීම සඳහා Medicare කාඩ්පත, බදු ගොනු අංකය හෝ රියදුරු බලපත්‍රය ප්‍රමාණවත් සාක්ෂි නොවන බව ද දෙපාර්තමේන්තුව අවධාරණය කළා.