ජාතික ආහාර අපද්‍රව්‍ය සමුළුව අද (24) සහ හෙට යන දෙදින මෙල්බන් හිදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ ආහාර, අපතේ යාමෙන් ආරක්ෂා කර ගැනීමට විසඳුම් සෙවීම මෙම සමුලුවේ අරමුණයි.
මෙම සමුලුව සඳහා ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල් නියෝජනය කරමින් ආයතන ප්‍රධානීන් සහ විශේෂඥයින් සහභාගි වීමට නියමිතව තිබෙනවා.
ඔස්ට්‍රේලියානුවන් සෑම වසරකම ඩොලර් බිලියන 36.6ක වටිනාකමින් යුත් ආහාර ටොන් මිලියන 7.6ක් පමණ ඉවත දමන බවයි වාර්තා වන්නේ.
දේශීය මෙන්ම ජාත්‍යන්තර ආහාර සංවිධානවල විශේෂඥ උපදෙස් ද මෙහිදී හිමිවන අතර වාර්ෂිකව ඉවතලන ආහාර අපද්‍රව්‍ය ටොන් එකකට ඩොලර් 4000ක් දක්වා ඉතිරි කර ගැනීමට අදාළ නව ව්‍යාපෘති පිළිබඳව මෙහිදි අවධානය යොමුවනු ඇති.
End Food Waste Australia හි ප්‍රධාන විධායක නිලධාරීවරයා පැවසුවේ 2030 වසර වන විට ඔස්ට්‍රේලියාවේ ආහාර නාස්තිය අඩකින් අවම කිරීම අරමුණු කරගත් ජාතික ආහාර අපද්‍රව්‍ය උපායමාර්ගය මෙම සමුළුව මගින් තීරණාත්මක අවස්ථාවකට එළඹෙන බවයි.