Search

මෙල්බන් සොරකම් රැසක සුළමුල හෙළිවෙයි

මෙල්බර්න් නගරයේ සිදු වූ කොල්ලකෑම් රැසක් සම්බන්ධයෙන් පිරිමි ළමයින් හතර දෙනෙකුට පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙම සැකකාර ළමුන් මෙල්බර්න් නගරය පුරා සිදු වූ සන්නද්ධ මංකොල්ලකෑම් රැසකට සම්බන්ධ බවටයි සැක කෙරෙන්නේ.

ඔවුන් මෝටර් රථයක් සොරකම් කර Macleod ප්‍රදේශයට ගොස් කිරි අලෙවිසලකින් මුදල් සොරකම් කරන ආකාරය CCTV කැමරාවල ද සටහන් වී තිබෙනවා.

මෙම සිද්ධියට අදාළව සිදු කළ විමර්ශනයකදී ඊයේ පස්වරු 5.15ට පමණ Princes Freeway ප්‍රදේශයේදී ළමුන් දෙදෙනෙකු සහ තවත් දෙදෙනෙකු Clayton ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙල්බර්න් නැඟෙනහිර ප්‍රදේශවල සිදු වූ බව කියන සොරකම් රැසක් සම්බන්ධයෙන් වයස අවුරුදු 14 ත් 17 ත් අතර පසුවන මෙම ළමයින්ට චෝදනා එල්ල වී තිබෙනවා.

ඔවුන් අදාළ චෝදනා මත ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිසිය සඳහන් කර ඇත්තේ.

මේ අතර මෙල්බන් Box Hill ප්‍රදේශයේ ව්‍යාපාර 5කට අනවසරයෙන් කඩාවැදී ඩොලර් දහස් ගණනක මුදල් සහ විදේශීය කුළුබඩු සොරකම් කිරීමට සම්බන්ධ 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉරිදා අලුයම 3ට පමණ මෙම සොරකම් සිදු වී ඇති අතර ඔවුන් ඒ සඳහා පැමිණ ඇත්තේ සොරකම් කළ මෝටර් රථයකින් බවටයි පැවසෙන්නේ.

මෙම සොරකම් සම්බන්ධයෙන් අවුරුදු 25, 34 සහ 36 වයස්වල පසුවන පුද්ගලයන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කර තිබෙනවා.

ඔවුන් සියලුදෙනා ලබන සැප්තැම්බර් මාසයේදී Ringwood මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන්ට මුදල් ඉතිරි කර ගන්න මෙන්න සුබ පණිවුඩයක්

ඉදිරි මාස 12ක කාලයක් තුල පොලී අනුපාත කප්පාදු හතරක් සිදු වන බවට ඔස්ට්‍රේලියා කොටස් වෙළඳපල හුවමාරුව (ASX) පුරෝකථනය කර තිබෙනවා.

Read More »

QLD ශත 50 ගාස්තුව ගැන ප්‍රධාන පක්ෂ දෙකෙන්ම පොරොන්දුවක්

ලබන මාසයේ පැවැත්වෙන ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත මැතිවරණයෙන් කුමන පක්ෂය ජයග්‍රහණය කළ ද පොදු ප්‍රවාහනයට හඳුන්වා දුන් ශත 50 ගාස්තුව තවදුරටත් පවත්වාගෙන යාමට ප්‍රධාන පක්ෂ දෙකම පොරොන්දු වී තිබෙනවා.

Read More »

ජයග්‍රාහකයාට එපා වූ $ මිලියනයේ ජයමල්ලට දින 10 කින් වෙන්න යන දේ

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දකුණු ඔස්ට්‍රේලියාවේ දිනුම් අදිනු ලැබූ ලොතරැයියක ඩොලර් මිලියනයක ත්‍යාග මුදල ලබා ගැනීමට මෙතෙක් කිසිවෙකුත් ඉදිරිපත් වී නොමැති බව වාර්තා වනවා.

Read More »

Summer එළැඹීමත් සමග hay fever ගැන අනතුරු ඇගවීමක්

ගිම්හාන (Summer) සෘතුව ආරම්භවීමත් සමග ඔස්ට්‍රේලියානුවන් අතර සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ රෝගය ක්‍රමයෙන් ව්‍යාප්ත වනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ අපරාධ අගනුවර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ලේබර් (Labor) පක්ෂ පාලනය යටතේ ලිංගික අපරාධ, මංකොල්ලකෑම් සහ විවිධ අමානුෂික පහරදීම් වැනි සාපරාධි ක්‍රියා වැඩිවී ඇති බවට විපක්ෂය චෝදනා කරනවා‍

Read More »