
ලබන වසරේ සිට රියදුරන් සඳහා සිදුකරන අහඹු මාර්ග පරීක්ෂාවලදී කොකේන් භාවිත කර ඇති දැයි පරීක්ෂා කිරීමටද දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත පොලිසිය සැළසුම් කර තිබෙනවා.
රියදුරන්ගේ ඛේටය යොදා ගනිමින් මෙම පරීක්ෂා සිදු කෙරෙන අතර ඒ සඳහා නවීන තාක්ෂණික උපකරණ යොදා ගැනීමටද නියමිතයි.
දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත පොලිස් වාර්තා අනුව පසුගිය 2023 වසරේදී මත්ද්‍රව්‍ය භාවිත කර රිය පැදවූ රියදුරන් සිදුකල අනතුරු හමුවේ පුද්ගලයන් 31 දෙනෙකු මියගොස් තවත් 112 දෙනෙකු බරපතල තුවාල ලබා තිබුණා.

එමෙන්ම කොකේන් භාවිතය සම්බන්ධ රිය අනතුරු සංඛ්‍යාවද පසුගිය වසර 05 තුළදී කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවයි වාර්තාවල දැක්වෙන්නේ.
දකුණු ඔස්ට්‍රේලියා රථවාහන නීතියට අනුව මත්ද්‍රව්‍ය භාවිත කර රිය පැදවීමට අදාළව ඩොලර් 849 ක දඩයක් – වින්දිතයා වෙනුවෙන් ඩොලර් 102 ක බදු මුදලක් – අප්‍රසාද ළකුණු 04 ක් සහ මාස 03 ක රියදුරු බලපත් තහණමක් පැණවිය හැකියි.

කිසියම් අයෙකු අහඹු මාර්ග පරීක්ෂාවට ඉඩ නොදී ප්‍රතික්ෂේප කරන්නේ නම් මාස 12 ක රියදුරු බලපත් තහණමක් – අප්‍රසාද ළකුණු 06 ක් සහ අධිකරණ නියම කරන දඩයකට යටත්විමටද අදාළ රියදුරාට සිදුවනවා.