Starlink අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීම සඳහා ලෝක ධනවතුන් අතර මුල් තැන පසුවන Elon Musk ලබන මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවට වාර්තා වනවා.
ශ්‍රී ලංකාව තුළ Starlink අන්තර්ජාල සේවා සැපයීම සඳහා රජය මූලික අනුමැතිය ලබාදී ඇති අතර ඒ වෙනුවෙන් වසර 28කට පසු විදුලි සංදේශ නියාමන පනත ද සංශෝධනය කිරීමට පියවර ගැනුණා.
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් මධුශංක දිසානායක ප්‍රකාශ කර ඇත්තේ Starlink මෙහෙයුම් සඳහා බලපත්‍ර ලබාදීමේ මූලික කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින බවයි.
ඒ සඳහා අවශ්‍ය නව නීති රීති නව පනතට අනුව සකස් කරන බව ද ඔහු සඳහන් කර තිබෙනවා.
ජූලි මස අවසානය වන විට එම කටයුතු අවසන් කිරීමට හැකි බවට විශ්වාස කරන අතර Elon Muskගේ ශ්‍රී ලංකා සංචාරය අගෝස්තු මාසයේදී සිදුවනු ඇති බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා කියාසිටියේ .
Starlink සේවා නිල වශයෙන් ආරම්භ කිරීමෙන් පසු ඊට අවශ්‍ය තාක්ෂණික උපකරණ සහ ස්ථාපත කර සේවා ක්‍රියාත්මක කිරීමට තවත් සති තුනක් පමණ ගත වන බව සඳහන්.