Search

තාක්ෂණික ගැටලුව නිසා ඇමරිකාවේ ගුවන් ගමන් රැසක් නතර වෙයි

ලොව රටවල් රැසකට බලපෑම් එල්ල වූ තාක්ෂණික බිඳවැටීම හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ ගුවන් ගමන් 1500කට වැඩි ප්‍රමාණයක් අද දිනයේත් අවලංගු කර ඇති බව වාර්තා වනවා.

තාක්ෂණික ගැටලුව යථා තත්වයට පත්වීම සෙමෙන් සිදුවන බැවින් ඇමරිකාවේ ගුවන් මගීන් තුන්වන දිනටත් දැඩි අපහසුතාවන්ට පත්වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම තත්වය මත රටවල් රැසක මගීන් දහස් ගණනක් ගුවන් තොටුපලවල අතරමං වූ අතර එය තවමත් ක්‍රමයෙන් යථා තත්වයට පත් වෙමින් පවතිනවා.

ෆ්ලයිට් අවෙයා ඩොට් කොම් (FlightAware.com) වෙබ් අඩවියට අනුව ඇමරිකා එක්සත් ජනපදයට පැමිණෙන හෝ පිටත් වන ගුවන් ගමන් 1600ක් පමණ ඉරිදා සවස් වන විට අවලංගු කර තිබුණා.

CrowdStrike සයිබර් ආරක්ෂණ සමාගම විසින් මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිවල මෘදුකාංග යාවත්කාලීන කිරීමක් හේතුවෙන් ලොව පුරා ව්‍යාපාර, රාජ්‍ය ආයතන, සෞඛ්‍ය සහ හදිසි සේවා, බැංකු, පාසල් සහ විශ්ව විද්‍යාල වැනි සේවා රැසක් අඩාල වී තිබුණා.

මයික්‍රොසොෆ්ට් ආයතනයට අනුව මෙම සේවා ඇනහිටීම වින්ඩෝස් මෙහෙයුම් පද්ධති භාවිතා කරන උපාංග මිලියන 8.5කට බලපෑම් එල්ල කර ඇති බව සඳහන්.

CrowdStrike හි ප්‍රධාන විධායක නිලධාරී ජෝර්ජ් කර්ට්ස් මේ පිළිබඳ පාරිභෝගිකයින්ගෙන් සමාව අයැද සිටි අතර නිවැරදි කිරීම් කඩිනමින් සිදු කරන බව ප්‍රකාශ කළා.

එහෙත් තාක්ෂණික ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පවසන්නේ පද්ධති යථා තත්ත්වයට පත් කිරීම දීර්ඝ කාලීන ක්‍රියාවලියක් වනු ඇති බවයි.

මැදපෙරදිග ගැටුම් නිසා ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ අවවාදයක්

ලෙබනනය පුරා වාර්තා වූ සමූහ පිපිරීම්වලින් පසු පලස්තීනය, ඊශ්‍රායලය, සිරියාව සහ ලෙබනනය ඇතුලු මැදපෙරදිග යන රටවලට සංචාරය කිරීමෙන් වළකින්නැයි ඔස්ට්‍රේලියාව තම පුරවැසියන්ට අවධාරණය කර තිබෙනවා.

Read More »

ඩොලර් සිය ගණනක් වැය වන එන්නතක් SA ප්‍රාන්තයේ විශේෂ කණ්ඩායමකට නොමිලේ

භයානක ශ්වසන රෝගී තත්වයක් වන RSV වෙනුවෙන් ලබාදෙන එන්නත දකුණු ඔස්ට්‍රේලියාවේ ගර්භනී කාන්තාවන්ට සහ ළදරුවන්ට නොමිලේ ලබාදීමට තීරණය ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ දේශීය ගුවන් ගමන් ගාස්තු කැපී පෙනෙන ලෙස ඉහළට

රෙක්ස් (Rex) සහ බොන්සා (Bonza) කලාපීය ගුවන් සේවා ඔස්ට්‍රේලියාවේ අගනුවරවලින් ඉවත්වීම සමග දේශීය ගුවන් යානාවල ගමන් ගාස්තු ඉහළ ගොස් ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

Alarm එක නිසා පැය 10කට පසු බේරුණු මෙල්බන් තරුණයා

මෙල්බන් සසේෆ්‍රාස් (Sassafras) ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක සිදු වූ රිය අනතුරකින් පැය 10කට පමණ කාලයකට පසු අනතුරට ලක්වූ මෝටර් රථයේ සිරවී සිටි රියදුරා බේරා ගැනීමට හැකිවී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියා රජයේ තීරණයකට Instagram වෙතින් සහනයක්

නව යොවුන් වියේ පසුවන්නන් අතර වඩාත් ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදවුමක් වන ඉන්ස්ටග්‍රෑම් (Instagram) විසින් නව ආරක්‍ෂිත ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »