2024-2025 නව මූල්‍ය වර්ෂයේදී එක් එක් ප්‍රාන්ත සහ territory සඳහා ලබාදෙන Skilled visa වීසා සංඛ්‍යාව (state and territory nomination allocations) ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව 2024–2025 සංක්‍රමණ වැඩසටහන යටතේ වික්ටෝරියා, නිව් සවුත්වේල්ස් සහ බටහිර ඕස්ට්‍රේලියා ප්‍රන්තවලට Skilled Nominated (Subclass 190) visa 3,000ක් සහ Skilled Work Regional (Subclass 491) visa 2,000ක් ලැබෙනු ඇති.
ඊට අමතරව ACT කලාපයට Skilled Nominated (Subclass 190) visa 1,000ක් සහ Skilled Work Regional (Subclass 491) visa 800ක් ලැබෙනු ඇති.
NT කලාපයට Skilled Nominated (Subclass 190) visa 800ක් සහ Skilled Work Regional (Subclass 491) visa 800ක් හිමි වන බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට 2024-2025 මුල්‍ය වර්ෂයේදී Skilled Nominated visa 600ක් සහ Skilled Work Regional visa 600ක් ලබාදීමට සැලසුම් කර තිබෙනවා.
දකුණු ඔස්ට්‍රේලියාවට Skilled Nominated visa 3000ක් සහ Skilled Work Regional visa 800ක් ලැබෙන අතර ටස්මේනියා ප්‍රාන්තයට පිළිවෙලින් අදාළ වීසා 2100ක් සහ 760ක් ලැබෙනු ඇති.
state and territory nomination allocations යනුවෙන් අදහස් කරනු ලබන්නේ එක් එක් ප්‍රාන්තයට හෝ ප්‍රදේශයකට වර්ෂයකදී නම් කළ හැකි නව Skilled visa අයදුම්කරුවන් සංඛ්‍යාවයි.
Skilled Nominated සහ Skilled Work Regional වීසා කාණ්ඩ යටතේ ඇති සමස්ත වීසා අයදුම්පත් සංඛ්‍යාව nomination allocations මගින් පිළිබිඹු නොවන අතර එමගින් මෙම කාණ්ඩවලට බඳවා ගත හැකි ශ්‍රමිකයන් සංඛ්‍යාව ද සීමා කිරීමක් සිදු නොවන බවයි ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව අවධාරණය කළේ.