ඕස්ට්‍රේලියාවේ කාන්තාවන් පස් දෙනෙකුට ලිංගික අතවර කිරීමේ චෝදනාවට ශ්‍රී ලාංකිකයෙකු වරදකරු වේ.

ශ්‍රී ලාංකික තැනැත්තෙකු ව්‍යාජ Uber රියදුරෙකු ලෙස පෙනී සිට​ බ්‍රිස්බේන් හි කාන්තාවන් පස් දෙනෙකුට ලිංගික අතවර කිරීමේ චෝදනාවට වරදකරු වේ.

Uber රියදුරෙකු ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටි බ්‍රිස්බේන් හි සිටින සම්පත් සමරනායක නැමති පුද්ගලයා 2018 සැප්තැම්බර් මාසයේ රාත්‍රී සංචාරයේදී කාන්තාවන් පස් දෙනෙකුට ලිංගික අතවර කිරීමේ චෝදනාවට වරදකරු වී තිබේ.

අද දින ජූරි සභාවක් විසින් සම්පත් සමරනායකගේ නඩුව සම්බන්ධයෙන් තීන්දුව ලබා දී ඇති අතර, ලිංගික අතවර කිරීම ඇතුළු චෝදනා 18 කට ඔහු වැරදිකරු බව ඔප්පු විය.

44 හැවිරිදි සමරනායකට වසර තුනක සිර දඬුවමක් නියම වූ අතර ඔහු නිදහස් වීමෙන් පසු ශ්‍රී ලංකාවට පිටුවහල් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඕස්ට්‍රේලියාවේ සිටින සියලුම ශ්‍රී ලාංකිකයින් ගේ ගෞරවය නැති කරන මෙවැනි ක්‍රියාවන් ඉදිරියේදී සිදු නොවීමට වග බලා ගනිමු.

වැඩි විස්තර​: https://www.abc.net.au/news/2021-03-11/brisbane-fake-uber-driver-samaranayake-guilty-sexual-assault/13237642

Today’s Top Stories 2024.04.25

ඇන්සාක් ඩේ සැමරුමට දහස් ගණනක් එක්වෙයි – පෙළපාලිවලට ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කරයි පර්ත් ආසන්න මුහුදේ දිය නාන අයට අනතුරු ඇඟවීමක් ඔස්ට්‍රේලියාවේ වැඩි වශයෙන් භාවිත කෙරෙන භාෂා නම් කෙරේ වික්ටෝරියා කාන්තාවන්ගෙන් ෆෙඩරල් රජයට ඉල්ලීමක්

Read More »

උපුල් ශාන්ත සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත නිදහස් කර තිබෙනවා.

Read More »

TikTok තහනම් කෙරෙන පනතට ඇමරිකා ජනපති අත්සන් තබයි

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාව තුළ තහනම් කිරීමට අදාළ යෝජනාවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read More »