
මෙල්බර්න් Cranbourne North ප්‍රදේශයේදී මෝටර් රථයක් පැහැර ගැනීමට උත්සාහ කිරීමේ සිදුවීමකදී පුද්ගලයෙකුට වෙඩි වැදී තිබෙනවා.
ඊයේ පස්වරු 2.45ට පමණ Newton Drive හි තම මෝටර් රථය නතර කරගෙන සිටි අයෙකු වෙත පැමිණි නාඳුනන පුද්ගලයෙකු ගිනි අවි පෙන්වා තර්ජනය කර මෝටර් රථය ලබා ගැනීමට උත්සාහ කර ඇති බවයි පැවසෙන්නේ.
මෝටර් රථයේ හිමිකරු යතුර ලබා දීම ප්‍රතික්ෂේප කිරීමේදී ගිනි අවියක් පෙන්වා තර්ජනය කර ඇති අතර එහිදී ඇති වූ ගැටුමේදී රියදුරාට වෙඩි වැදී ඇති බව සඳහන්.

එම අවස්ථාවේ අපරාධකරු පලා ගොස් ඇති අතර තුවාලකරු බරපතල තත්වයෙන් රෝහල් ගත කර තිබෙනවා.
ඔහු Point Cook ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි අයෙක් වන අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

මෙම පැහැර ගැනීමට උත්සහ කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු ප්‍රදේශයේ වෙනත් කොල්ලකෑමේ සිදුවීම්වලට සම්බන්ධ අයෙක් ද යන්න පිළිබඳ පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.