සිඩ්නි කාල්ටන් (Carlton) දුම්රිය ස්ථානයේදී කුඩා දරුවන් රැගෙන යාමට භාවිතා කරන ප්‍රෑම් (pram) එකක් දුම්රිය වේදිකාවෙන් පෙරලීමෙන් සිදු වූ අනතුරකින් කුඩා දැරියක් සහ තවත් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.
අද දහවල් 12.45ට පමණ කුඩා ළමයින් දෙදෙනෙකු රැගෙන ගිය ප්‍රෑම් එකක් දුම්රිය වේදිකාවෙන් පෙරළී ඇති බවට වාර්තා වීමත් සමගයි හදිසි සේවා එම ස්ථානයට පැමිණ ඇත්තේ.
එම අනතුරින් අවුරුදු 4ක කුඩා දැරියක් සහ 40 හැවිරිදි පුද්ගලයෙක් එම ස්ථානයේදීම මිය ගිය බව සඳහන්.
අනතුරට ලක්වූ අවුරුදු 2ක දැරියක් සහ 39 හැවිරිදි කාන්තාවක් දිවි බේරාගෙන ඇති අතර ගිලන් රථ වෛද්‍යවරුන් ඔවුන්ගේ තත්වය සොයා බලමින් සිටින බවයි පැවසෙන්නේ.
මෙම හදිසි අනතුරත් සමග T4 සහ Illawarra මාර්ගයේ Wolli Creek මෙන්ම Hurstville අතර දුම්රිය ධාවනය නොවන බව ප්‍රකාශ කර තිබෙනවා.
අපහසුතාවට පත්වන මගීන්ට සේවා සැපයීම සඳහා බස් සමාගම්වල සහාය ලබාගෙන ඇති බව දුම්රිය බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.