Search

මෙල්බන් නිවසකින් සැක කටයුතු මරණයක්

මෙල්බර්න් Bentleigh East ප්‍රදේශයේ නිවසකදී පුද්ගලයෙකු මියගොස් තවත් කාන්තාවක් අසාධ්‍ය තත්වයෙන් රෝහල් ගත කිරීමේ සිදුවීමක් පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

සිද්ධියට අදාළව එම ස්ථානයේදීම ප්‍රදේශයේ 20 හැවිරිදි තරුණයෙකු ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

ඊයේ රාත්‍රී 8ට පමණ හදිසි සේවා වෙත ලැබුණු තොරතුරකට අනුව බෙන්ට්ලි ඊස්ට් ප්‍රදේශයේ නිවසකට නිලධාරීන් පැමිණ ඇති අතර එහි බරපතළ තත්වයේ සිටි කාන්තාවටට මූලික ප්‍රතිකාර ලබාදී රෝහල් ගත කර තිබෙනවා.

එක් අයෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර ඔහුගේ අනන්‍යතාව තවමත් හඳුනාගෙන නැහැ.

පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු සහ කාන්තාවක් අතර ඇති වූ කිසියම් ආරවුලක් හේතුවෙන් මෙලෙස එක් අයෙකු මියගොස් ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුට මිනීමැරුම් චෝදනාවක් සහ මිනීමැරීමට තැත්කිරීමක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙනවා.

වික්ටෝරියා පොලිසිය පැවසුවේ මෙම සිදුවීමට අදාළ විමර්ශන තවදුරටත් සිදු වන අතර මෙම සිදුවීමට සම්බන්ධ නිශ්චිත තොරතුරු මෙතෙක් අනාවරණ වී නොමැති බවයි.

මැදපෙරදිග ගැටුම් නිසා ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ අවවාදයක්

ලෙබනනය පුරා වාර්තා වූ සමූහ පිපිරීම්වලින් පසු පලස්තීනය, ඊශ්‍රායලය, සිරියාව සහ ලෙබනනය ඇතුලු මැදපෙරදිග යන රටවලට සංචාරය කිරීමෙන් වළකින්නැයි ඔස්ට්‍රේලියාව තම පුරවැසියන්ට අවධාරණය කර තිබෙනවා.

Read More »

ඩොලර් සිය ගණනක් වැය වන එන්නතක් SA ප්‍රාන්තයේ විශේෂ කණ්ඩායමකට නොමිලේ

භයානක ශ්වසන රෝගී තත්වයක් වන RSV වෙනුවෙන් ලබාදෙන එන්නත දකුණු ඔස්ට්‍රේලියාවේ ගර්භනී කාන්තාවන්ට සහ ළදරුවන්ට නොමිලේ ලබාදීමට තීරණය ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ දේශීය ගුවන් ගමන් ගාස්තු කැපී පෙනෙන ලෙස ඉහළට

රෙක්ස් (Rex) සහ බොන්සා (Bonza) කලාපීය ගුවන් සේවා ඔස්ට්‍රේලියාවේ අගනුවරවලින් ඉවත්වීම සමග දේශීය ගුවන් යානාවල ගමන් ගාස්තු ඉහළ ගොස් ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

Alarm එක නිසා පැය 10කට පසු බේරුණු මෙල්බන් තරුණයා

මෙල්බන් සසේෆ්‍රාස් (Sassafras) ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක සිදු වූ රිය අනතුරකින් පැය 10කට පමණ කාලයකට පසු අනතුරට ලක්වූ මෝටර් රථයේ සිරවී සිටි රියදුරා බේරා ගැනීමට හැකිවී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියා රජයේ තීරණයකට Instagram වෙතින් සහනයක්

නව යොවුන් වියේ පසුවන්නන් අතර වඩාත් ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදවුමක් වන ඉන්ස්ටග්‍රෑම් (Instagram) විසින් නව ආරක්‍ෂිත ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »