ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ youth crime co-responder වැඩසටහන හේතුවෙන් තරුණ අපරාධවල අඩුවීමක් පෙන්නුම් කෙරෙන බව නව වාර්තා මගින් අනාවරණ වී තිබෙනවා.
ස්වාධීන සමාලෝචනයක් මගින් පෙන්නුම් කර ඇත්තේ නව වැඩසටහන සමග සම්බන්ධ වීමෙන් පසු මාස හයක් තුළ නැවත අපරාධයක් සිදු නොකළ තරුණයන් සියයට 12 ක් පමණ හඳුනාගෙන ඇති බවයි.
ස්වාධීන ඇගයීම මගින් වසර හතරක් පුරා ප්‍රාන්තය පුරා ක්‍රියාත්මක වන මෙම වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳ සමීක්ෂණයට ලක් කර තිබෙනවා.
youth crime co-responder වැඩසටහනට අනුව අපරාධ සඳහා ඉහළ අවදානම් සහිත තරුණයින් සොයා පැය 24 පුරා පොලිස් නිලධාරියෙකු සමග තරුණයෙකු නිරීක්ෂණයේ නිරත වනවා.
ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ තරුණයන්ගෙන් සියයට 20 ක් පමණ අපරාධවලට සම්බන්ධ බවට පැවසෙන අතර වැඩසටහනේ ඉලක්කය වී ඇත්තේ නැවත නැවතත් බරපතල වැරදි කරන තරුණයන් හඳුනා ගැනීමයි.
බරපතල වැරදිකරුවන්ගේ අපරාධ අඩු වී ඇති බව වාර්තා වන අතර මෙම වැඩසටහන සමඟ සම්බන්ධ වීමෙන් පසු ගතවූ මාස හය තුළ සාමාන්‍ය වැරදි කිරීමේ අනුපාතය සියයට 73 කින් පහත වැටී ඇති බව සඳහන්.
ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ තරුණ අපරාධවලට බලපාන ප්‍රධාන සාධකයක් ලෙස මත්පැන් අනිසි භාවිතය සහ මත්ද්‍රව්‍ය බව හඳුනාගෙන තිබෙනවා.