ඔස්ට්‍රේලියානුවන් දෙදෙනෙකු ඇතුලු පුද්ගලයන් තුන් දෙනෙකු ගමන් කරමින් තිබූ හෙලිකොප්ටරයක් ඉන්දුනීසියාවේ බාලි දූපත්හිදී කඩා වැටී තිබෙනවා.
සංචාරකයන් රැගෙන යමින් තිබූ හෙලිකොප්ටරය සරුංගල් නූලක පැටලීම හේතුවෙන් මෙලෙස අනතුරට ලක්වී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
අනතුරට ලක්වන අවස්ථාවේ හෙලිකොප්ටරය තුළ ඔස්ට්‍රේලියානුවන් දෙදෙනෙකු සහ ඉන්දුනීසියානු ජාතිකයන් තිදෙනෙකු ගමන් කර තිබෙනවා.
මෙම අනතුරින් තුවාල ලැබූ තුන් දෙනෙකු රෝහල් ගත කර ඇති අතර ඉන්දුනීසියා ආරක්ෂක අංශ ප්‍රකාශ කර ඇත්තේ යානයේ සිටි සියලු සංචාරකයන් ආරක්‍ෂිත බවයි.
මිලියන 270ක පමණ ජනගහනයක් වෙසෙන විශාල දූපත් සමූහයක් වන ඉන්දුනීසියාව තුළ මෑත වසරවලදී ගුවන් අනතුරු සහ යාත්‍රා අනතුරු රැසක් වාර්තා වී තිබෙනවා.
ඉන්දුනීසියාවේ බාලි දූපත් සැලකෙන්නේ ඔස්ට්‍රේලියානුවන්ගේ ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් ලෙසටයි.