Search

මෙල්බන් අවට තවත් අහිතකර දුමාරයක්

මෙල්බර්න් Deer Park ප්‍රදේශයේ පිහිටි ප්ලාස්ටික් කර්මාන්ත ශාලාවක විශාල ගින්නක් හටගෙන තිබෙනවා.

අද පෙරවරු 7.30ට පමණ බැලරට් මාර්ගයේ පිහිටි ගොඩනැගිල්ලේ හටගත් ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවන භටයන් 80ක් ඇතුළු හදිසි සේවා නිලධාරීන් පැමිණ සිටි බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් ගිනි නිවීම් නිලධාරීන් පපැමිණෙන අවස්ථාව වන විට ප්ලාස්ටික් පැලට් නිෂ්පාදනය කරන කර්මාන්තශාලාව සම්පූර්ණයෙන්ම පාහේ ගිනිගෙන තිබූ අතර එහි සිටි පස් දෙනෙකු ආරක්ෂිතව ඉවත් කර තිබෙනවා.

පෙරවරු 9.20 පමණ වන විට ගින්න පාලනය කිරීමට හැකි වුව ද කර්මාන්තශාලාවෙන් තවදුරටත් කළු දුමාරයක් පිටවෙමින් පවතින බව සඳහන්.

වික්ටෝරියා හදිසි සේවා ආයතනය විසින් Ardeer, Cairnlea, Deer Park, Derrimut සහ Sunshine West හි පදිංචිකරුවන්ට මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

ගින්නට හේතුව කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ පිළිබඳව වික්ටෝරියා පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

මෙල්බන් ඩෙරිමට් ප්‍රදේශයේ රසායනික ද්‍රව්‍ය කම්හලක ගින්නක් හේතුවෙන් අහිතකර රසායනික සහිත දුමක් පැතිර ගොස් සතියකට පමණ පසුවයි මෙම ගින්න වාර්තා වී ඇත්තේ.

QLD ශත 50 ගාස්තුව ගැන ප්‍රධාන පක්ෂ දෙකෙන්ම පොරොන්දුවක්

ලබන මාසයේ පැවැත්වෙන ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත මැතිවරණයෙන් කුමන පක්ෂය ජයග්‍රහණය කළ ද පොදු ප්‍රවාහනයට හඳුන්වා දුන් ශත 50 ගාස්තුව තවදුරටත් පවත්වාගෙන යාමට ප්‍රධාන පක්ෂ දෙකම පොරොන්දු වී තිබෙනවා.

Read More »

ජයග්‍රාහකයාට එපා වූ $ මිලියනයේ ජයමල්ලට දින 10 කින් වෙන්න යන දේ

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දකුණු ඔස්ට්‍රේලියාවේ දිනුම් අදිනු ලැබූ ලොතරැයියක ඩොලර් මිලියනයක ත්‍යාග මුදල ලබා ගැනීමට මෙතෙක් කිසිවෙකුත් ඉදිරිපත් වී නොමැති බව වාර්තා වනවා.

Read More »

Summer එළැඹීමත් සමග hay fever ගැන අනතුරු ඇගවීමක්

ගිම්හාන (Summer) සෘතුව ආරම්භවීමත් සමග ඔස්ට්‍රේලියානුවන් අතර සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ රෝගය ක්‍රමයෙන් ව්‍යාප්ත වනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ අපරාධ අගනුවර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ලේබර් (Labor) පක්ෂ පාලනය යටතේ ලිංගික අපරාධ, මංකොල්ලකෑම් සහ විවිධ අමානුෂික පහරදීම් වැනි සාපරාධි ක්‍රියා වැඩිවී ඇති බවට විපක්ෂය චෝදනා කරනවා‍

Read More »

Today’s Top Stories.2024.09.16

ජීවත් වීමට හොඳම රටවල් අතරින් ඔස්ට්‍රේලියාවට ලැබුණු තැන මෙල්බන්වල Casey කවුන්සිල මැතිවරණයට එන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයා ඩොනල්ඩ් ට්‍රම්ප් ඉලක්ක කර තවත් ඝාතන සැලැස්මක් නිවාස ගැටලුව

Read More »