Search

Microsoft බිඳ වැටීම නිසා ඔස්ට්‍රේලියාවත් ඇණහිටී

ගෝලීය වශයෙන් මයික්‍රොසොෆ්ට් 365 සහ CrowdStrike ඇනහිටීම නිසා හේතුවෙන් පරිශීලකයින්ට ජාත්‍යන්තරව සන්නිවේදන ගැටළු මතුවී තිබෙනවා.

ප්‍රධාන බැංකුවල සේවා මෙන්ම Gmail, Amazon සහ Australia Post ඇතුළු පද්ධතිවලට ද දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

තොරතුරු තාක්ෂණ මෘදුකාංගයක් වන මයික්‍රොසොෆ්ට්හි මෙම ඇනහිටීම හමුවේ බැංකු සහ සුපිරි වෙළඳසැල් ඇතුළු සේවාවන්වලට බාධා මතුවී සන්නිවේදනය දඇණහිට ඇති බව සඳහන්.

ඇතැම් ගුවන් තොටුපළ කටයුතුවලට ද බාධා මතුවී ඇති අතර හදිසි ඇමතුම් සේවා සඳහා මෙම ගැටලුව මතු නොවන බවයි සඳහන් වන්නේ.

සවස 3 ට පමණ මෙම ඇණහිටීම සිදු වූ අතර Microsoft හි පැවති බාධා හේතුවෙන් බොහෝ මාධ්‍ය ආයතනවලට ද මෙම සිදුවීම වාර්තා කිරීමට හැකිවී නොමැති බවයි සඳහන් වන්නේ.

මෙම සිදුවීම හේතුවෙන් කෝල්ස් ඇතුලු සුපිරි වෙළඳසැල් රැසක් ද සිය සේවා තාවකාලිකව අත්හිටුවන බව පාරිභෝගිකයන්ට දැනුම්දී තිබෙනවා.

විවිධ Microsoft 365 යෙදුම් සහ සේවාවන් වෙත ප්‍රවේශ වීමට පරිශීලකයින්ට නොහැකි වීම සම්බන්ධයෙන් විමර්ශනය කරමින් සිටින බව Microsoft සමාගම නිවේදනය කර තිබෙනවා.

බලපෑමට ලක් වූ ගමනාගමන පද්ධතිවල එම බලපෑම අවම කිරීම සඳහා විකල්ප පද්ධති වෙත හරවා යැවීමට කටයුතු කරමින් සිටින බවයි ඔවුන් සඳහන් කළේ.

ගෝලීය තාක්ෂණික ඇනහිටීමක් හේතුවෙන් ඇතැම් ගුවන් සේවා මෙහෙයුම් සහ පර්යන්ත සේවාවන්ට බලපා ඇති බව සිඩ්නි ගුවන් තොටුපල ප්‍රකාශ කර තිබෙනවා.

ගුවන් ගමන් සාමාන්‍ය පරිදි පැමිණෙමින් පවතින අතර පිටත්ව යාමේදී ප්‍රමාදයන් ඇති විය හැකි බවයි සඳහන් වන්නේ.

මේ අතර ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම සිද්ධිය සයිබර් ප්‍රහාරයක් නොවන බවයි.

මෙම ඇනහිටීම සිදු වී ඇත්තේ අදාළ සමාගම් විසින් සේවයේ යොදවා ඇති තුන්වන පාර්ශවීය මෘදුකාංග ආයතනයක් සමඟ ඇති තාක්ෂණික ගැටලුවකහේතුවෙන් බවයි දෙපාර්තමේන්තුව කියාසිටියේ.

මෝටර් රථ සොරකමේ ගිය මෙල්බන්වල ගැහැණු ළමයින් දෙදෙනෙකුට වැඩ වරදී

මෙල්බර්න් නගරයේදී මෝටර් රථ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගැහැණු ළමයින් ඇතුළු බාල වයස්කරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

නව COVID ප්‍රභේදයක් තවත් සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට?

XEC ලෙසින් හැඳින්වෙන නව COVID ප්‍රභේදයක් ව්‍යාප්ත වෙමින් පවතින අතර එය සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට ළඟා වනු ඇති බවට සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවනවා.

Read More »

විපක්ෂයේ සැලසුමක් නිසා නිවාසවල විදුලි බිල්පත් ගාස්තු ඉහළ යන ලකුණු

න්‍යෂ්ටික බලාගාර 7ක් ඉදිකිරීමට ෆෙඩරල් විපක්ෂය ඉදිරිපත් කර ඇති සැලැස්ම හේතුවෙන් පවුල් ඒකකවලට වසරකට ඩොලර් 655කින් පමණ බලශක්ති බිල්පත් වැඩි වන බව නව වාර්තාවක් පෙන්වා දෙනවා.

Read More »