
මෙල්බර්න් සහ තදාසන්න ප්‍රදේශ 26ක ඩ්‍රෝන් මගින් ආහාර ඇතුලු භාණ්ඩ බෙදා හැරීමේ සේවාව ආරම්භ කර තිබෙනවා.
මෙම සේවාව මගින් ආහාර, කෝපි ඇතුළු පාන වර්ග, කුඩා ගෘහ උපකරණ මෙන්ම කුඩා භාණ්ඩ වර්ග නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව පවතින බවයි සඳහන් වන්නේ.
DoorDash ලෙස නම් කර ඇති මෙම ඩ්‍රෝන් සේවාව ඔස්ට්‍රේලියාවේ භාණ්ඩ බෙදා හැරීම සඳහා ක්‍රියාත්මක වන පළමු ඩ්‍රෝන් සේවාව බව සඳහන්.

Wing සමාගම සමඟ ක්‍රියාත්මක වන මෙම සේවාවේ මුලස්ථානය මෙල්බර්න් Eastland සාප්පු සංකීර්ණයේ පිහිටා ඇති බව සඳහන්.
පාරිභෝගිකයින්ට DoorDash App එක භාවිතයෙන් භාණ්ඩ ඇණවුම සිදු කළ හැකි අතර අනතුරුව එම ඇනවුම ඇසුරුම් කර පාරිභෝගිකයා සිටින ස්ථානයටම ලබා දෙනු ඇති.

පහත දැක්වෙන ප්‍රදේශවලට මෙම ඩ්‍රෝන් සේවාව මගින් ජනතාවට භාණ්ඩ ගෙන්වා ගැනීමට හැකියාව පවතිනවා.
Ringwood
Ringwood North
Mitcham
Nunawading
Donvale
Park Orchards
Warranwood
Croydon Hills
Croydon South
Bayswater
Wantirna
Heathmont
Vermont
Parts of Vermont South
Forest Hill
Wonga Park
Kilsyth
Warrandyte South
Blackburn
Blackburn North
Doncaster East
Croydon North
Croydon
Bayswater North
Boronia
Wantirna South