ඕස්ට්‍රේලියානු දේශීය ගුවන් ගමන් ගාස්තු සියයට 50කින් අඩු කිරීමට සැරසේ!

ඩොලර් බිලියන 1.2 ක පැකේජයක කොටසක් ලෙස ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජය විසින් ගුවන් ටිකට් පත් 800,000 කට ආසන්න ප්‍රමාණයක මිල සඳහා සියයට 50ක්දක්වා වට්ටම් ලබා දීමට සැරසෙන​ බවට සඳහන් වේ.

කොරෝනා වෛරස් වසංගතයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති සහ මේ මස අගදී JobKeeper වැඩසටහන අවසන් වන නිසා බිය වන සංචාරක හා ගුවන් සේවා අංශවල කාර්‍ය මණ්ඩල හට සහන සැලසීම​ සඳහා මෙම පියවර සැලසුම් කර ඇත.

අප්‍රේල් සිට ජූලි දක්වා කාලය තුළ සාමාන්යයෙන් ජාත්යන්තර සංචාරකයින් මත දැඩි ලෙස රඳා පවතින ගමනාන්ත​ 13 ක් ඉලක්ක කරගනිමින් මෙම වැඩපිළිවෙළ ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත​. මේ අනුව​, දේශීය සංචාරකයින් ඊට ප්‍රවේශ වීමේදී ටිකට් පත් සඳහා සියයට 50 ක වට්ටමක් ලබා දෙනු ඇත.

ගමනාන්ත වන්නේ Gold Coast, Cairns, Whitsundays region, Sunshine Coast, Uluru (Lasseter region), Alice Springs, Launceston, Devonport, Burnie, Broome, Avalon, Merimbula සහ Kangaroo Island ඇතුලු ප්‍රදේශයි.

ගමන් මාර්ග සහ නිශ්චිත ප්‍රවේශ පත්‍ර සංඛ්‍යාව ඉල්ලුම මත පදනම් වන අතර එය තවමත් ගුවන් සමාගම් සමඟ සාකච්ඡා කෙරෙමින් පවතී. නමුත් ඇස්තමේන්තු කර ඇති පරිදි සෑම සතියකම සාමාන්‍යයෙන් ටිකට්පත් 46,000 ක් සියයට 50 ක වට්ටමක් සහිතව ක්වන්ටාස්, වර්ජින් සහ ජෙට්ස්ටාර් නැමති දේශීය ගුවන් සමාගම් ආශ්‍රිතව​​ නිකුත් කිරීමට අපේක්‍ෂා කෙරේ. ඒවා අප්‍රේල් 1 වනදා සිට ගුවන් සේවා වෙබ් අඩවි වල විකිණීමට ඇත.

ඔවුන් පවසන්නේ මෙල්බර්න් සිට ගෝල්ඩ් කෝස්ට් දක්වා ගුවන් ගමනක් ඩොලර් 60 ක් තරම් ලාභදායී වන අතර මේ මඟින් මාර්ගයේ ගමනාගමනය සියයට 40 කින් පමණ ඉහළ නැංවිය හැකි බවයි. අගමැති ස්කොට් මොරිසන් අවධාරණය කරමින් පැවසුවේ මෙලෙස වට්ටම් ලබා දීම තම දේශීය සංචාරක කර්මාන්තය නගා සිටුවීමට ඉමහත් රුකුලක් වන බවයි.

ඉල්ලුම අනුව මෙම වැඩපිළිවෙළට​ වසර අවසානයේදී තවත් ගමනාන්ත සහ මාර්ග ඇතුළත් කළ හැකි බවද ඔහු තවදුරටත් අදහස් දක්වමින් පැවසීය​.

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණිකයන්ට රැකියා සොයා ගැනීම ගැන උපදෙස් මාලාවක්

ඔස්ට්‍රේලියාවට පැමිණෙන විදේශ සංක්‍රමණිකයින් සඳහා මෙරට රැකියා වෙළඳපල තුළ නව රැකියාවක් කඩිනමින් සොයා ගැනීම පිළිබඳ උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සුඛෝපභෝගී SUV මෝටර් රථ කිහිපයක් යළි කැඳවයි

නිෂ්පාදන දෝෂ කිහිපයක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ සුඛෝපභෝගී SUV මෝටර් රථ කිහිපයක් නැවත කැඳවීමට ඇස්ටන් මාර්ටින් සමාගම් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

පිහි පරික්ෂාවට පොලිසිය නව නීති ඉල්ලයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තය පුරා පිහි ඇනුම් සිදුවීම් ගණනාවක් වාර්තා වීම හේතුවෙන් පොලිස් නිලධාරීන්ට ප්‍රසිද්ධියේ පිහි සෝදිසි කිරීම් සිදු කළ හැකි වන පරිදි නීති හඳුන්වා දෙන ලෙස ප්‍රාන්ත පොලිස් සංගමය ඉල්ලීමක් කරනවා.

Read More »