වික්ටෝරියා ප්‍රාන්තයේ ගිලන් රථවල සේවයේ නියුතු වෛද්‍යවරුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය නතර කරන ලෙස වික්ටෝරියා ගිලන්රථ සේවය රජයෙන් ඉල්ලීමක් කරනවා.
පසුගිය මුල්‍ය වර්ෂයේ වෛද්‍යවරුන්ට මුහුණ දීමට සිදු වූ එවැනි සිදුවීම් අතුරින් අවස්ථා 100කට වැඩි ගණනකදී තුවාල ද සිදු වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
වික්ටෝරියා ගිලන් රථ සේවයේ බලධාරීන් ප්‍රකාශ කළේ තම වෛද්‍ය කණ්ඩායම් ප්‍රාන්තය පුරා හොඳම සත්කාර සේවාවන් ලබාදීමට වෙහෙස වී කටයුතු කළ ද ඔවුන් අඛණ්ඩව ප්‍රචණ්ඩත්වයට සහ අපයෝජනයට ලක් වන බවයි.
හදිසි අවස්ථාවලදී ජනතාවට ආතතියක් ඇති වීම සාමාන්‍ය තත්වයක් වුව ද එය වෛද්‍යවරුන් වෙත ආක්‍රමණශීලී ලෙස මුදා හැරීම නිදහසට කරුණක් නොවන බව වික්ටෝරියා ගිලන්රථ විධායක අධ්‍යක්ෂ ඩැනියෙල් නෝර්ත් පෙන්වා දෙනවා.
ඇය සඳහන් කළේ 2023 වසරේ ජූලි මාසයේ සිට මෙම වසරේ මාර්තු දක්වා කාලය තුළ ගිලන් රථ වෛද්‍යවරුන්ට එරෙහි ප්‍රචණ්ඩකාරී තත්වයන් හේතුවෙන් තුවාල සිදුවීම් 105 ක් වාර්තා වී ඇති බවයි.
වික්ටෝරියා ප්‍රාන්තයේ හදිසි සේවකයෙකුට තුවාල කිරීම පළමු කාණ්ඩයේ වරදක් වන අතර ඒ සඳහා වරදකරුවන් වන පුද්ගලයන්ට අවම වශයෙන් මාස හයක සිර දඬුවමක් නියම වනු ඇති.
වික්ටෝරියා ගිලන් රථ සේවයේ ප්‍රධානින් පැවසුවේ වෘත්තීය කටයුතුවලදී සිදු වන සෑම ප්‍රචණ්ඩකාරී අවස්ථාවක්ම වාර්තා කිරීමට වෛද්‍යවරුන් සහ අනෙකුත් සේවකයින් දැනුවත් කර ඇති බවයි.