Search

ඇමරිකා ජනපතිට කොවිඩ් ආසාධනය වෙයි

අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න්ට කොවිඩ් 19 ආසාධනය වී ඇති බව ධවල මන්දිරය නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

මේ වනවිට ඔහු ස්වයං නිරෝධායනය වෙමින් රෝගයට අවශ්‍ය ප්‍රතිකාර ගනිමින් පවතින බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

බයිඩ්න්ගේ වෛද්‍යවරයා වන කෙවින් ඕ’කොනර් (Kevin O’Connor) ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපතිවරයාට නාසයෙන් සොටු දියර ගැලීම, කැස්ස ඇතුළු ශ්වසනාබාධ රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවයි.

ඒ අනුව ඔහුට පළමු මාත්‍රාව ලෙස පැක්ස්ලොවිඩ් (Paxlovid) ලබා දුන් බවද වෛද්‍යවරයා සඳහන් කර තිබෙනවා.

ජනාධිපතිගේ වෛද්‍යවරයා පැවසුවේ එක්සත් ජනපදයේ රෝග පාලනය සහ වැළැක්වීමේ මාර්ගෝපදේශයන්ට අනුකූලව ජනාධිපතිවරයා තම නිවසේ ස්වයං නිරෝධායනයට ලක්ව සිටින බවයි.

කෙසේ වෙතත් එම කාලය තුළ ඔහුගේ සියලු රාජකාරි සම්පූර්ණයෙන්ම ඉටු කරන බව ද ධවල මන්දිරය ප්‍රකාශ කර තිබෙනවා.

ඇමරිකා ජනාධිපතිවරයාට අවසන් වරට COVID-19 අසාධනය වී තිබුණේ 2022 වසරේ අගෝස්තු මාසයේදී යි.

මැදපෙරදිග ගැටුම් නිසා ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ අවවාදයක්

ලෙබනනය පුරා වාර්තා වූ සමූහ පිපිරීම්වලින් පසු පලස්තීනය, ඊශ්‍රායලය, සිරියාව සහ ලෙබනනය ඇතුලු මැදපෙරදිග යන රටවලට සංචාරය කිරීමෙන් වළකින්නැයි ඔස්ට්‍රේලියාව තම පුරවැසියන්ට අවධාරණය කර තිබෙනවා.

Read More »

ඩොලර් සිය ගණනක් වැය වන එන්නතක් SA ප්‍රාන්තයේ විශේෂ කණ්ඩායමකට නොමිලේ

භයානක ශ්වසන රෝගී තත්වයක් වන RSV වෙනුවෙන් ලබාදෙන එන්නත දකුණු ඔස්ට්‍රේලියාවේ ගර්භනී කාන්තාවන්ට සහ ළදරුවන්ට නොමිලේ ලබාදීමට තීරණය ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ දේශීය ගුවන් ගමන් ගාස්තු කැපී පෙනෙන ලෙස ඉහළට

රෙක්ස් (Rex) සහ බොන්සා (Bonza) කලාපීය ගුවන් සේවා ඔස්ට්‍රේලියාවේ අගනුවරවලින් ඉවත්වීම සමග දේශීය ගුවන් යානාවල ගමන් ගාස්තු ඉහළ ගොස් ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

Alarm එක නිසා පැය 10කට පසු බේරුණු මෙල්බන් තරුණයා

මෙල්බන් සසේෆ්‍රාස් (Sassafras) ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක සිදු වූ රිය අනතුරකින් පැය 10කට පමණ කාලයකට පසු අනතුරට ලක්වූ මෝටර් රථයේ සිරවී සිටි රියදුරා බේරා ගැනීමට හැකිවී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියා රජයේ තීරණයකට Instagram වෙතින් සහනයක්

නව යොවුන් වියේ පසුවන්නන් අතර වඩාත් ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදවුමක් වන ඉන්ස්ටග්‍රෑම් (Instagram) විසින් නව ආරක්‍ෂිත ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »