ඔස්ට්‍රේලියාවේ ඉහළම වැටුප් හිමිවන ඉදි කිරීම් ඇතුලු ක්ෂේත්‍ර කිහිපයක රැකියා සම්බන්ධයෙන් නව අනාවරණයක් සිදු කර තිබෙනවා.
වාර්තා පෙන්වා දෙන්නේ මෙම ක්ෂේත්‍රයන්හි දක්ෂ පුහුණු ශ්‍රමිකයන්ට ඉහළ ඉල්ලුමක් පවතින අතර එය සාපේක්ෂ වශයෙන් ඉහළ වැටුපක් සහ රැකියා සුරක්ෂිතභාවයක් පවතින වෘත්තීන් බවයි.
එමෙන්ම මෙහි විශේෂත්වය වන්නේ මෙම ඉහළ වැටුප් හිමි වන රැකියා සඳහා විශ්ව විද්‍යාල උපාධියක් අවශ්‍ය නොවීමයි.
ඒ අනුව වැඩිම වැටුප් හිමි වන රැකියා අතරින් පළමු තැනට පත්වී ඇත්තේ ඉදිකිරීම් කළමනාකරු වන අතර ඔවුන්ට වාර්ෂිකව ඩොලර් 190,000 සිට ඩොලර් 210,000 දක්වා වන වැටුපක් හිමි වනවා.
කෙසේ වෙතත්, ඉදිකිරීම් කළමනාකරුවන් ආරම්භයේ සිට අවසානය දක්වා සම්පූර්ණ ව්‍යාපෘති අධීක්ෂණය කිරීම සඳහා සංවර්ධන සමාගමක් විසින් සේවයේ යොදවා ඇත.
වැඩබිම් කළමනාකරු වැඩිම වැටුපක් හිමි වන රැකියා අතුරින් දෙවන තැන පසුවන අතර ඔවුන්ගේ වාර්ෂික වැටුප ඩොලර් 130,000 සිට 150,000 දක්වා අගයක පවතිනවා.
ඔස්ට්‍රේලියාවේ වැඩිම වැටුප් හිමි වන තුන්වන රැකියා ක්ෂේත්‍රය වන්නේ පතල් කම්කරු වෘත්තිය වන අතර එය මෙරට ආර්ථිකයට විශාලතම දායකත්වයක් දක්වන කර්මාන්තයක් ලෙසටයි සැලකෙන්නේ.
ඔවුන්ට වාර්ෂිකව ඩොලර් 120,000 සිට 140,000 දක්වා වැටුපක් උපයා ගැනීමේ හැකියාව පවතිනවා.
හතරවන ස්ථානය බොයිලේරු නිෂ්පාදකයන්ට හිමි වී ඇති අතර ඔවුන්ට වාර්ෂිකව ඩොලර් 115,000 සිට ඩොලර් 135,000 දක්වා වැටුපක් හිමි වනවා.