Search

ඔස්ට්‍රේලියාවට ආපු ගමන ඉන්දුනීසියාවෙන් නවතී

මුහුදු මාර්ගය ඔස්සේ ඔස්ට්‍රේලියාව බලා රැගෙන යමින් තිබූ සිටි මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 106ක තොගයක් ඉන්දුනීසියානු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඕස්ට්‍රේලියාව බලා යාත්‍රා කරමින් තිබූ බෝට්ටුවකින් මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය හමුවී ඇති අතර එය බ්‍රිස්බේන් දෙසට ගමන් කර ඇති බවයි ඉන්දුනීසියානු රේගු නියෝජිතයින් ප්‍රකාශ කර ඇත්තේ.

මත්ද්‍රව්‍ය තොගය රැගෙන යමින් තිබූ බෝට්ටුව සිංගප්පූරුවේ සිට බ්‍රිස්බේන් දක්වා ගමන් කරමින් සිටියදී ඉන්දුනීසියා රේගුව විසින් ඉන්දුනීසියානු මුහුදු සීමාවේදී එය සිය භාරයට ගෙන තිබෙනවා.

ජාවාරම්කරුවන්ගේ සැලසුම වී ඇත්තේ ඉන්දුනීසියාව හරහා යාත්‍රා කර ජාවා දූපත් වෙතින් ඉන්ධන ලබාගෙන අවසානයේ බ්‍රිස්බේන් වෙත යාමට බවයි ආරක්ෂක අංශ හෙළි කරගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගත් මෙම මත්ද්‍රව්‍ය තොගයේ වීදි වටිනාකම ඩොලර් මිලියන 50 කට වඩා වැඩි බව සඳහන්.

දරුවන් අපයෝජනයට ගත් ප්‍රධාන බැංකුවක නිලධාරියා හදිසියේ මියයයි

ලිංගිකත්වය සඳහා බාලවයස්කාර ගැහැණු ළමයින් ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ප්‍රධාන බැංකුවක හිටපු විධායක නිලධාරියෙකු වන ක්‍රිස්ටෝපර් ජේම්ස් මැකන් [Christopher James McCann] මියගොස් තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව TikTok තහනම ඉල්ලද්දි ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට TikTok එක්කර ගනියි

ඔස්ට්‍රේලියාව TikTok තහනම් කිරීමට සාකච්ඡා පවත්වන විට ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමට TikTok සමාගමේ එකඟත්වය පළ කර තිබෙනවා. මේ පිළිබඳව සාකච්චා කිරීම සදහා TikTok සමාගමේ

Read More »