Search

Australia MasterChef තරගාවලියේ ශ්‍රී ලංකාවේ තරුව මව් රටට

මෙවර Australia MasterChef තරගාවලියේ තුන් වන ස්ථානයට පත් වූ ශ්‍රී ලංකාවේ සවින්ද්‍රි පෙරේරා ශ්‍රී ලංකාව බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඇය ඊයේ (16) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා වූ බවයි වාර්තා වන්නේ.

තමා ලැබූ ජයග්‍රහණයත් සමග පවුලේ ඥාතීන් ඇතුළු හිතවතුන් දැක ගැනීම සදහා ඇය මෙලෙස ශ්‍රී ලංකාවට ගොස් තිබෙනවා.

කටුනායක ගුවන් තොටුපොළේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සවින්ද්‍රි පෙරේරා සඳහන් කළේ මෙම තරගාවලියේ දී තමාට ජයග්‍රහණය සදහා මාවත සකස් කර දුන්නේ ශ්‍රී ලංකාවේ ආහාරපාන බවයි.

මෙම තරගාවලියේ දී විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ කිරිබත්, කළුපොල් මාලුව, මිරිසට සකස් කළ මාළු හොදි සමග මෙන්ම සීනි සම්බෝල ද සකස් කර ඉදිරිපත් කළ බව ඇය සිහිපත් කළා.

මෙම ආහාර සදහා ශ්‍රී ලංකාවේ කුළුබඩු භාවිතා කිරීම හේතුවෙන් ලෝකයේ අනෙකුත් තරගකාරී සූපවේදීන් පරදා තරගාවලියේ තුන් වන ස්ථානය දිනා ගැනීමට හැකි වූ බවයි සවින්ද්‍රි පෙරේරා කියාසිටියේ.

සවින්ද්‍රි පෙරේරා මෙම තරගාවලිය අවසන් වූ සැනින් ශ්‍රී ලංකාව බලා පැමිණීමට පියවර ගෙන තිබූ අතර ඇය ඊයේ (16) රාත්‍රී මෙල්බර්න් සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඇය පිළිගැනීම සඳහා පියා මෙන්ම තවත් නෑදෑ හිතවතුන් විශාල පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි බව සඳහන්.

දරුවන් අපයෝජනයට ගත් ප්‍රධාන බැංකුවක නිලධාරියා හදිසියේ මියයයි

ලිංගිකත්වය සඳහා බාලවයස්කාර ගැහැණු ළමයින් ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ප්‍රධාන බැංකුවක හිටපු විධායක නිලධාරියෙකු වන ක්‍රිස්ටෝපර් ජේම්ස් මැකන් [Christopher James McCann] මියගොස් තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව TikTok තහනම ඉල්ලද්දි ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට TikTok එක්කර ගනියි

ඔස්ට්‍රේලියාව TikTok තහනම් කිරීමට සාකච්ඡා පවත්වන විට ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමට TikTok සමාගමේ එකඟත්වය පළ කර තිබෙනවා. මේ පිළිබඳව සාකච්චා කිරීම සදහා TikTok සමාගමේ

Read More »