Search

නීතිවලට අනුගත නොවූ Telstra සමාගමට මිලියන ගණනක දඩයක්

SIM කාඩ්පත් ලබාදීමේදී හැඳුනුම්පත් පරීක්ෂාවන් නිසි ලෙස සිදු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ටෙල්ස්ට්‍රා සමාගමට ඩොලර් මිලියන 1.6ක දඩයක් නියම කර තිබෙනවා.

ඒ මෙරට ක්‍රියාත්මක වන වංචාවන්ට එරෙහිව පියවර ගැනීම සඳහා ගෙන එන ලද හැඳුනුම්පත් නීති ක්‍රමවේදය අසාර්ථක වීම හේතුවෙන් බවයි වාර්තා වන්නේ.

ඔස්ට්‍රේලියානු සන්නිවේදන සහ මාධ්‍ය අධිකාරියට අනුව ටෙල්ස්ට්‍රා සමාගම, 2022 වසරේ අගෝස්තු මාසයේ සිට 2023 වසරේ අප්‍රේල් දක්වා 168,000 වතාවක් නීති රීති අනුගමනය කිරීමට අපොහොසත් වූ බව සඳහන්.

ජංගම දුරකථන පාරිභෝගිකයන්ට තම සිම් පත නැති වුවහොත් හෝ හානි වුවහොත් ඒ සඳහා වෙනත් සිම් පතක් ඉල්ලා සිටිය හැකි වුව ද වෙනත් නාඳුනන පුද්ගලයෙකු එය කිරීමට උත්සාහ කළහොත් අනතුරුදායක විය හැකි බව සන්නිවේදන සහ මාධ්‍ය අධිකාරිය අවධාරණය කරනවා.

ඒ සඳහා 2022 දී හඳුන්වා දුන් නව නීතිවලට අනුව කිසියම් පාරිභෝගිකයෙකුට සිම් පතක් නිකුත් කිරීමේදී හැඳුනුම්පත් පරීක්ෂාව අනිවාර්ය කර තිබෙනවා.

සන්නිවේදන සහ මාධ්‍ය අධිකාරියේ සාමාජික සමන්තා යෝර්ක් පැවසුවේ පාරිභෝගික හැඳුනුම්පත් නීති සමාලෝචනය කිරීමට සහ අවශ්‍ය ඕනෑම වෙනස් කිරීමක් කිරීමට Telstra සමාගම වෙනුවෙන් ස්වාධීන උපදේශකයෙකු පත් කළ යුතු බවයි.

මැදපෙරදිග ගැටුම් නිසා ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ අවවාදයක්

ලෙබනනය පුරා වාර්තා වූ සමූහ පිපිරීම්වලින් පසු පලස්තීනය, ඊශ්‍රායලය, සිරියාව සහ ලෙබනනය ඇතුලු මැදපෙරදිග යන රටවලට සංචාරය කිරීමෙන් වළකින්නැයි ඔස්ට්‍රේලියාව තම පුරවැසියන්ට අවධාරණය කර තිබෙනවා.

Read More »

ඩොලර් සිය ගණනක් වැය වන එන්නතක් SA ප්‍රාන්තයේ විශේෂ කණ්ඩායමකට නොමිලේ

භයානක ශ්වසන රෝගී තත්වයක් වන RSV වෙනුවෙන් ලබාදෙන එන්නත දකුණු ඔස්ට්‍රේලියාවේ ගර්භනී කාන්තාවන්ට සහ ළදරුවන්ට නොමිලේ ලබාදීමට තීරණය ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ දේශීය ගුවන් ගමන් ගාස්තු කැපී පෙනෙන ලෙස ඉහළට

රෙක්ස් (Rex) සහ බොන්සා (Bonza) කලාපීය ගුවන් සේවා ඔස්ට්‍රේලියාවේ අගනුවරවලින් ඉවත්වීම සමග දේශීය ගුවන් යානාවල ගමන් ගාස්තු ඉහළ ගොස් ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

Alarm එක නිසා පැය 10කට පසු බේරුණු මෙල්බන් තරුණයා

මෙල්බන් සසේෆ්‍රාස් (Sassafras) ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක සිදු වූ රිය අනතුරකින් පැය 10කට පමණ කාලයකට පසු අනතුරට ලක්වූ මෝටර් රථයේ සිරවී සිටි රියදුරා බේරා ගැනීමට හැකිවී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියා රජයේ තීරණයකට Instagram වෙතින් සහනයක්

නව යොවුන් වියේ පසුවන්නන් අතර වඩාත් ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදවුමක් වන ඉන්ස්ටග්‍රෑම් (Instagram) විසින් නව ආරක්‍ෂිත ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »