නවතම ඔස් ලොටෝ (Oz Lotto) ලොතරැයියකින් සිඩ්නි පදිංචි අඹු සැමි යුවළක් ඩොලර් මිලියන 40ක් ජයග්‍රහණය කර තිබෙනවා.
ඊයේ රාත්‍රී පැවති දිනුම් ඇදීමෙන් ඔවුන් මෙම ජයග්‍රාහී මුදල හිමි කරගෙන ඇති අතර, ලොතරැයි ජය ලැබුව ද සාමාන්‍ය පරිදි සේවයට යන බවයි මෙම පුද්ගලයා ප්‍රකාශ කර ඇත්තේ.
ලොතරැයි සංවිධායකයින් දුරකතනයෙන් අමතා මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් දැනුම් දෙන තෙක් මෙම යුවළ ලොතරැයි ජය පිළිබඳ දැනුවත්ව සිට නැහැ.
එම ඇමතුම ලැබෙන විට තද නින්දේ පසු වූ ඔවුන් දෙදෙනා ප්‍රකාශ කර ඇත්තේ ඇමතුමෙන් ප්‍රකාශ කළ ජයග්‍රහණය තමන්ට අදහා ගැනීමට නොහැකි වූ බවයි.
සාමාන්‍යයෙන් පවර්බෝල් ලොතරැයි මිලදී ගන්නා යුවළ ඔස් ලොටෝ ලොතරැයියක් මිලදී ගෙන ඇත්තේ වෙනසක් අපේක්ෂාවෙන් බව ද සඳහන් කළා.
ජයග්‍රහණයක් අපේක්ෂාවෙන් පසු වුව ද එය සැබෑ වනු ඇතැයි කිසි විටෙකත් නොසිතූ බව ද මෙම කාන්තාව ප්‍රකාශ කර තිබෙනවා.