ඔස්ට්‍රේලියාවේ මෙල්බන් හි සිටි ශ්‍රී ලාංකික තරුණයෙකු පසුගියදා හෘදයාබාධයකින් ඔහු සිටි නිවසේදීම මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ හර්ෂණ ශ්‍රී මධුසංඛ නම් තරුණයෙක් වන අතර ඔහුගේ මරණය සැලවීමත් සමග ලංකාවේ සිටි පියා මවට ඒ බව නොපවසා අවසන් කටයුතු සිදු කිරීමට සැළසුම් කර තිබුණා.
එම අවස්ථාවේදී ඒ වන විට පිළිකා රෝගී තත්වයෙන් සිටි හර්ෂණයේ මවද හදිසියේම මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මව සහ පුතා දෙරටකදී එකට අවසන් ගමන් ගොස් තිබුණා..
කැලණිය, පෙතියාගොඩ, පදිංචිව සිටි ග්‍රේස් වෛජයන්ති සහ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචිව සිටි හර්ෂණ ශ්‍රී මධුශංක යන දෙදෙනා දෙරටේදීම පසුගිය
15 වනදා අවසන් ගමන් ගියා.
මවගේ දේහය අවසන් ගෞරවය සඳහා නිවසට ගෙනැවිත් තිබු අතර හර්ෂණ ශ්‍රී මධුශංකගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි සිදු වන අයුරු zoom තාක්ෂණය ඔස්සේ දැක ගැනීමට පවුලේ ඥාතීන්ට අවස්ථාව ලැබී තිබෙනවා.