ඉදිරි වසර 5ක පමණ කාලයක් තුළ ඔස්ට්‍රේලියානුවන් 40,000ක් මිලියනපතියන් වීමට නියමිත බවට නව වාර්තාවක් මගින් අනාවරණ වී තිබෙනවා.
ඔස්ට්‍රේලියානුවන් දහස් ගණනකගේ වර්ධනය වන ධනය ඉදිරි වසර පහ තුළ ඔවුන් මිලියනපතියන් බවට පත් කරනු ඇති බවයි නව ගෝලීය වාර්තාවක් මගින් හෙළි කර ඇත්තේ.
ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩිවෙමින් පැවතුණ ද එය මෙරට සෑම අයෙකුටම පොදු කරුණක් නොවන බව ද සමීක්ෂණය මගින් පෙන්වා දී තිබෙනවා.
Swiss bank USG හි Global Wealth Report විසින් රටවල් 56 ක 2023 වසරේ දත්ත මත පදනම්ව ඇමරිකානු ඩොලරයේ වර්ධනය මැන බලා ඇති අතර එමගින් හෙළිවී ඇත්තේ 2028 වසර වන විට ඔස්ට්‍රේලියානුවන් 40,000ක් මිලියනපතියන් බවට පත් වනු ඇති බවයි.
එය මෙරට මිලියනපතියන් සියයට 20කට වඩා වැඩි වීමක් වන අතර මේ වන විටත් ඔස්ට්‍රේලියාවේ මිලියනපතියන් ලක්ෂ 19ක් පමණ ජීවත් වන බව එහි සඳහන්.
දෙමාපියන්ගෙන් ලැබෙන දේපළ, විශ්‍රාම අරමුදල් වැනි මූල්‍ය වත්කම් හේතුවෙන් මෙලෙස මිලියනපතියන් නිර්මාණය කෙරෙන බවයි වාර්තාව පෙන්වා දී ඇත්තේ.