Search

අනාගත ගවේෂකයන්ට නවාතැන් ගන්න සඳ මත නවාතැනක්

මීට වසර 55කට පෙර සිදු වූ පළමු සඳ ගමනේදී ඇපලෝ යානය ගොඩබැස්වූ ස්ථානයට නුදුරින් සඳ මත ගුහාවක් ඇති බව විද්‍යාඥයන් විසින් තහවුරු කර තිබෙනවා.

එය අනාගත ගගනගාමීන්ට නවාතැන් ගත හැකි ආකාරයේ එකක් බවට විශ්වාස කෙරෙන අතර එවැනි ගුහා තවත් සිය ගණනක් චන්ද්‍රයා මත ඇති බවයි විද්‍යාඥයන් පවසන්නේ.

ඉතාලියේ විද්‍යාඥයන් ප්‍රමුඛ කණ්ඩායමක් වාර්තා කළේ සඳ මත පවතින ඹුරුම වළ ඔස්සේ ගමන් කළ හැකි විශාල ගුහාවක් පවතින බවට සාක්ෂි ලැබී ඇති බවයි.

එය පිහිටා ඇත්තේ ඇපලෝ යානය ගොඩබස්වනු ලැබූ ස්ථානයේ සිට කිලෝමීටර් 400ක් දුරින් බව ද සඳහන්.

විද්‍යාඥයින් ප්‍රකාශ කළේ රේඩාර් දත්ත මගින් අනාවරණය වී ඇත්තේ එම භූගත කුහරයේ ආරම්භක කොටස පමණක් වන අතර ඔවුන් ඇස්තමේන්තු කරන්නේ එය අවම වශයෙන් මීටර් 40ක් පළල සහ මීටර් දස දහස් ගණනක් දිගු එකක් වන්නට ඇති බවයි.

මෙම චන්ද්‍ර ගුහා වසර 50 කට වැඩි කාලයක් පුරා අබිරහසක්ව පැවතුණු අතර මෙවැනි බොහෝ වලවල් සඳෙහි ඉපැරණි ලාවා අතර පිහිටා ඇති බවයි සඳහන් වන්නේ.

එහි ස්ථීර සෙවන සහිත ආවාට තුල පානයට ගත හැකි ජලය ද රැඳී ඇති බවට විශ්වාස කෙරෙනවා.

මෙම නව සොයාගැනීම්වලින් පෙනී යන්නේ සඳ මත මේ ආකාරයේ වලවල් සිය ගණනක් තිබිය හැකි බවයි.

එවැනි ස්ථාන ගගනගාමීන් සඳහා ස්වභාවික නවාතැනක් ලෙස යොදා ගත හැකි අතර ඔවුන්ට අහිතකර කිරණවලින් සහ සූර්ය විකිරණවලින් මෙන්ම උල්කාපාතවලින් ද ආරක්ෂා වීමට හැකි බවයි විද්‍යාඥයන් පවසන්නේ.

2024 වික්ටෝරියා අධ්‍යාපන සම්මාන නිර්දේශ අතරට ලාංකික සිසු සිසුවියන් කිහිප දෙනෙකුත්

2024 වසරේ වික්ටෝරියා ජාත්‍යන්තර අධ්‍යාපන සම්මාන සඳහා (Victoria’s education awards) ශ්‍රී ලාංකික සිසු සිසුවියන් කිහිප දෙනෙකු ද සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන්ට මුදල් ඉතිරි කර ගන්න මෙන්න සුබ පණිවුඩයක්

ඉදිරි මාස 12ක කාලයක් තුල පොලී අනුපාත කප්පාදු හතරක් සිදු වන බවට ඔස්ට්‍රේලියා කොටස් වෙළඳපල හුවමාරුව (ASX) පුරෝකථනය කර තිබෙනවා.

Read More »

QLD ශත 50 ගාස්තුව ගැන ප්‍රධාන පක්ෂ දෙකෙන්ම පොරොන්දුවක්

ලබන මාසයේ පැවැත්වෙන ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත මැතිවරණයෙන් කුමන පක්ෂය ජයග්‍රහණය කළ ද පොදු ප්‍රවාහනයට හඳුන්වා දුන් ශත 50 ගාස්තුව තවදුරටත් පවත්වාගෙන යාමට ප්‍රධාන පක්ෂ දෙකම පොරොන්දු වී තිබෙනවා.

Read More »

ජයග්‍රාහකයාට එපා වූ $ මිලියනයේ ජයමල්ලට දින 10 කින් වෙන්න යන දේ

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දකුණු ඔස්ට්‍රේලියාවේ දිනුම් අදිනු ලැබූ ලොතරැයියක ඩොලර් මිලියනයක ත්‍යාග මුදල ලබා ගැනීමට මෙතෙක් කිසිවෙකුත් ඉදිරිපත් වී නොමැති බව වාර්තා වනවා.

Read More »

Summer එළැඹීමත් සමග hay fever ගැන අනතුරු ඇගවීමක්

ගිම්හාන (Summer) සෘතුව ආරම්භවීමත් සමග ඔස්ට්‍රේලියානුවන් අතර සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ රෝගය ක්‍රමයෙන් ව්‍යාප්ත වනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ අපරාධ අගනුවර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ලේබර් (Labor) පක්ෂ පාලනය යටතේ ලිංගික අපරාධ, මංකොල්ලකෑම් සහ විවිධ අමානුෂික පහරදීම් වැනි සාපරාධි ක්‍රියා වැඩිවී ඇති බවට විපක්ෂය චෝදනා කරනවා‍

Read More »