මෙම මාසය අවසන් වීමට පෙර ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් මැතිවරණ කොමිසම් සභාවේ සභාපති, ආර්.එම්.ඒ.එල්. රත්නායක සඳහන් කළේ මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීමේදී වෙනත් කිසිදු හේතුවකින් බලපෑම් එල්ල නොවන බවයි.
ඕනෑම අයෙකුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ජනාධිපතිවරණය සම්බන්ධ පනත අනුව මෙම දින පිළිබඳ සලකා බැලිය හැකි බව ද ඔහු ප්‍රකාශ කළා.
ඡන්ද විමසීමේ දැන්වීම නිකුත් කරන දිනයේ සිට දින 16ත් – 21ත් අතර ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරගැනීම සිදුකළ යුතුයි.
නාමයෝජනා භාරගැනීමේ දිනයේ සිට සති 4ත් – 6ත් අතර කාලය තුළ ජනාධිපතිවරණය පැවැත්විය යුතු බව ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළා.