ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණික නීත හමුවේ ජාත්‍යන්තර සිසුන්ට පනවා ඇති සීමා සැලකිල්ලට ගනිමින් ඇඩිලේඩ්හි නව වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා.
2026 වසරේ දි ආරම්භ වීමට නියමිත නව ඇඩිලේඩ් විශ්ව විද්‍යාලය මගින් ජාත්‍යන්තර සිසුන් හට වැඩි අවස්තාවක් ලබා දීම මෙහි අරමුණයි.
නව සන්නාමයක් වෙබ් අඩවියක් සහ පාඨමාලා වැඩසටහන් 200 ක පමණ මූලික කට්ටලයක් සමඟ අධ්‍යාපනය සඳහා නව ඇඩිලේඩ් විශ්ව විද්‍යාලය මගින් ජාත්‍යන්තර සිසුන්ට ඉදිරියේ දී අවස්තාව හිමිවනු ඇති.
ඇඩිලේඩ් විශ්ව විද්‍යාලයේ සම-උපකුලපතිවරුන් වන මහාචාර්ය පීටර් හොජ් සහ මහාචාර්ය ඩේවිඩ් ලොයිඩ් පැවසුවේ මෙය දකුණු ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාලයන් සහ ඇඩිලේඩ් විශ්ව විද්‍යාල ප්‍රජාවන් සඳහා වැදගත් සන්ධිස්තානයක් වන බවයි.
අනාගත පරපුරේ ඉගෙන ගන්නන් ගෝලීය පර්යේෂකයන් නවෝත්පාදකයින් සහ ව්‍යවසායකයින් කිරීම අරමුණු කරගනිමින් දේශීය මෙන්ම ජාත්‍යන්තර සිසුන් සඳහා අවස්ථාව ලබා දීම අරමුණ බවයි නව ඇඩිලේඩ් විශ්ව විද්‍යාල උපකුලපතිවරයා අවදාරනය කර ඇත්තේ.