ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකම අලෙවි කරනු ලැබූ රෙඩ් වයින් වර්ගයක් වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත කැඳවීමට පියවර ගෙන තිබෙනවා.
ඒ මෙම වයින් වර්ගය පානය කිරීමෙන් පසු අසාත්මිකතා ඇතිවීමේ අවදානමක් පැවතීම හේතුවෙන්.
නිව් සවුත්වේල්ස්, ක්වීන්ස්ලන්ඩ්, වික්ටෝරියා, දකුණු ඔස්ට්‍රේලියා සහ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තවල මත්පැන් අලෙවිසල් මගින් ඒවා අලෙවි කර ඇති බවයි වාර්තා වන්නේ.
එම වයින්වල අඩංගු වන සල්ෆයිට් හේතුවෙන් මෙම අසාත්මිකතාව හටගන්නා බවට පැවසෙනවා.
ඒ අනුව සල්ෆයිට් ආසාත්මිකතාවයක් ඇති ඕනෑම පාරිභෝගිකයෙකු මෙම වයින් නිෂ්පාදිතය පරිභෝජනය කළහොත් එමගින් හානි සිදු විය හැකි බවටයි අනතුරු අඟවා ඇත්තේ.
අදාළ වයින් නිෂ්පාදන මිලදී ගත් පාරිභෝගිකයින්ට මුදල් ආපසු ලබා ගැනීම සඳහා බෝතල් මිලදී ගත් ස්ථානයට ආපසු ලබා දිය යුතු බව දැනුම් දී තිබෙනවා.