Search

මෙල්බන් නිවසක ගින්නකට කුඩා ළමයින් 4ක් මැදිවෙයි

මෙල්බර්න් Point Cook ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නකින් කුඩා ළමයින් හතර දෙනෙකු ඇතුළු පුද්ගලයින් කිහිප දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

අද උදෑසන 7ට පමණ හදිසි ඇමතුම් අංශය වෙත ලැබුණු තොරතුරකට අනුවයි ගිනි නිවීම් අංශ එම ස්ථානයට පැමිණ ඇත්තේ.

ගින්නෙන් දෙමහල් නිවස සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර දුම ආඝ්‍රාණය වීම සහ පිළිස්සුම් තුවාල ලැබූ ළමයින් ඇතුලු පස් දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

අදාළ නිවසේ පහත මාලයේ ගින්න හටගෙන ඇති බවට විශ්වාස කරන බවයි පොලිසිය සඳහන් කළේ.

ගිනි නිවන භටයින් පැමිණ විනාඩි 30කින් පමණ ගින්න පාලනය කර ඇති අතර එම නිවසේ තිබූ අනතුරු ඇඟවීම් පද්ධතිය හේතුවෙන් එහි සිටි පිරිස ආරක්ෂා වී ඇති බව නිලධාරීන් ප්‍රකාශ කළා.

එම නිවසේ ගිනි අනතුරු ඇඟවීම් නොතිබුණේ නම් තත්වය වඩාත් බරපතල විය හැකි බවයි ඔවුන් පෙන්වා දුන්නේ.

ගින්නට හේතුව සම්බන්ධයෙන් තවමත් විමර්ශනය කෙරෙන අතර එහි සැක කටයුතු තත්වයක් දක්නට නොමැති බව පොලිසිය සඳහන් කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන්ට මුදල් ඉතිරි කර ගන්න මෙන්න සුබ පණිවුඩයක්

ඉදිරි මාස 12ක කාලයක් තුල පොලී අනුපාත කප්පාදු හතරක් සිදු වන බවට ඔස්ට්‍රේලියා කොටස් වෙළඳපල හුවමාරුව (ASX) පුරෝකථනය කර තිබෙනවා.

Read More »

QLD ශත 50 ගාස්තුව ගැන ප්‍රධාන පක්ෂ දෙකෙන්ම පොරොන්දුවක්

ලබන මාසයේ පැවැත්වෙන ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත මැතිවරණයෙන් කුමන පක්ෂය ජයග්‍රහණය කළ ද පොදු ප්‍රවාහනයට හඳුන්වා දුන් ශත 50 ගාස්තුව තවදුරටත් පවත්වාගෙන යාමට ප්‍රධාන පක්ෂ දෙකම පොරොන්දු වී තිබෙනවා.

Read More »

ජයග්‍රාහකයාට එපා වූ $ මිලියනයේ ජයමල්ලට දින 10 කින් වෙන්න යන දේ

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දකුණු ඔස්ට්‍රේලියාවේ දිනුම් අදිනු ලැබූ ලොතරැයියක ඩොලර් මිලියනයක ත්‍යාග මුදල ලබා ගැනීමට මෙතෙක් කිසිවෙකුත් ඉදිරිපත් වී නොමැති බව වාර්තා වනවා.

Read More »

Summer එළැඹීමත් සමග hay fever ගැන අනතුරු ඇගවීමක්

ගිම්හාන (Summer) සෘතුව ආරම්භවීමත් සමග ඔස්ට්‍රේලියානුවන් අතර සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ රෝගය ක්‍රමයෙන් ව්‍යාප්ත වනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ අපරාධ අගනුවර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ලේබර් (Labor) පක්ෂ පාලනය යටතේ ලිංගික අපරාධ, මංකොල්ලකෑම් සහ විවිධ අමානුෂික පහරදීම් වැනි සාපරාධි ක්‍රියා වැඩිවී ඇති බවට විපක්ෂය චෝදනා කරනවා‍

Read More »