
ඔස්ට්‍රේලියාවේ අංක එකේ බේස්බෝල් ක්‍රීඩකයා ලෙසට නම් කිරීමත් සමග 21 හැවිරිදි Travis Bazzana ක්ෂණික කෝටිපතියෙක් බවට පත්වී තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ ක්‍රීඩා ඉතිහාසය වෙනස් කරමින් මේජර් ලීග් බේස්බෝල් ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයට පැමිණීමටයි Travis Bazzana සමත් වී ඇත්තේ.
මෙලෙස අංක 1ට පත්වීමත් සමග ඔහුගේ ඉපැයීම් ඩොලර් මිලියන 10 ඉක්මවා ඇති බව සඳහන්.

මේ හේතුවෙන් Travis Bazzana ඔස්ට්‍රේලියාවේ ක්ෂණික මිලියනපතියෙකු ලෙසට නම්කර තිබෙනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් Travis Bazzana පැවසුවේ තම වෘත්තීය ජීවිතය තුළින් ඔස්ට්‍රේලියාවේ බේස්බෝල් ක්‍රීඩාව ඉහළ තලයකට රැගෙන ඒමට තමාට අවශ්‍ය බවයි.

දැනට බෙස්බෝල් ක්‍රීඩාවට සමුදී ඇති දක්ෂ ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින්ගේ පළපුරුද්ද බේස්බෝල් ක්‍රීඩාව සඳහා යොදා ගන්නා බව ද ඔහු සඳහන් කළා.