Search

e-scooter එකෙන් රෝහලට යන පිරිස වැඩි වෙයි

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ඊ-ස්කූටර් හේතුවෙන් සිදුවන අනතුරු සහ තුවාල සිදුවීම් දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇතැයි රෝහල් බලධාරීන් පවසනවා.

2021 වසරේදී 691ක් වූ ඊ-ස්කූටර් අනතුරු සංඛ්‍යාව 2023 වසර වන විට 1,273 දක්වා වැඩි වී ඇති බවයි ක්වීන්ස්ලන්ඩ් හදිසි සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

මෙම තත්වය මත ප්‍රාන්ත රජය ඊ-ස්කූටර් පදවන්නන් මත්පැන් භාවිත කර ඇත්ද යන්න පිළිබඳ අහඹු පරීක්ෂාවක් හඳුන්වා දීමට ද සැලසුම් කර තිබෙනවා.

මෙම වසරේ මැයි මාසය අවසන් වන විට හදිසි අවස්ථා දෙපාර්තමේන්තු විසින් ඊ ස්කූටර් අනතුරු 558ක් හඳුනාගෙන ඇති අතර එය පසුගිය 2023 වසරේ අදාළ කාලයේ වාර්තා වූ සංඛ්‍යාව ද අභිබවා යාමක් බව සඳහන්.

2018 වසරේ නොවැම්බර් මාසයේ සිට ඊ-ස්කූටර් අනතුරු 4,233 ක් වාර්තා වී ඇති අතර එම රෝගීන්ගෙන් සියයට 62ක් පිරිමි පුද්ගලයන් බව හෙළිවී තිබෙනවා.

මෙම රෝගීන් අතරින් බහුතරයක් හිස සහ මුහුණේ තුවාල මෙන්ම අස්ථි බිඳීම්වලට ලක්වුවන් බවයි රෝහල් බලධාරීන් කියාසිටියේ.

මෙම අනතුරුවලට ප්‍රධාන හේතු ලෙසට මාර්ග නීති අනුගමනය නොකිරීම, වේග සීමාවලට අනුගත නොවීම, ආරක්‍ෂිත හිස් ආවරණ නොපැළඳීම වැනි කරුණු ද ඔවුන් පෙන්වා දී තිබෙනවා.

මැදපෙරදිග ගැටුම් නිසා ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ අවවාදයක්

ලෙබනනය පුරා වාර්තා වූ සමූහ පිපිරීම්වලින් පසු පලස්තීනය, ඊශ්‍රායලය, සිරියාව සහ ලෙබනනය ඇතුලු මැදපෙරදිග යන රටවලට සංචාරය කිරීමෙන් වළකින්නැයි ඔස්ට්‍රේලියාව තම පුරවැසියන්ට අවධාරණය කර තිබෙනවා.

Read More »

ඩොලර් සිය ගණනක් වැය වන එන්නතක් SA ප්‍රාන්තයේ විශේෂ කණ්ඩායමකට නොමිලේ

භයානක ශ්වසන රෝගී තත්වයක් වන RSV වෙනුවෙන් ලබාදෙන එන්නත දකුණු ඔස්ට්‍රේලියාවේ ගර්භනී කාන්තාවන්ට සහ ළදරුවන්ට නොමිලේ ලබාදීමට තීරණය ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ දේශීය ගුවන් ගමන් ගාස්තු කැපී පෙනෙන ලෙස ඉහළට

රෙක්ස් (Rex) සහ බොන්සා (Bonza) කලාපීය ගුවන් සේවා ඔස්ට්‍රේලියාවේ අගනුවරවලින් ඉවත්වීම සමග දේශීය ගුවන් යානාවල ගමන් ගාස්තු ඉහළ ගොස් ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

Alarm එක නිසා පැය 10කට පසු බේරුණු මෙල්බන් තරුණයා

මෙල්බන් සසේෆ්‍රාස් (Sassafras) ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක සිදු වූ රිය අනතුරකින් පැය 10කට පමණ කාලයකට පසු අනතුරට ලක්වූ මෝටර් රථයේ සිරවී සිටි රියදුරා බේරා ගැනීමට හැකිවී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියා රජයේ තීරණයකට Instagram වෙතින් සහනයක්

නව යොවුන් වියේ පසුවන්නන් අතර වඩාත් ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදවුමක් වන ඉන්ස්ටග්‍රෑම් (Instagram) විසින් නව ආරක්‍ෂිත ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »