තුන්වන චාල්ස් රජු සහ කැමිලා ආර්යාව ලබන ඔක්තෝබර් මාසයේ ඔස්ට්‍රේලියාවට පැමිණෙන බව බකිංහැම් මාලිගය අද නිවේදනය කර තිබෙනවා.
රාජකීය සංචාරය ඔක්තෝම්බර් මාසයේදී පැවැත්වෙන බව මෙලෙස නිවේදනය කෙරුණේ 75 හැවිරිදි චාල්ස් රජුට පිළිකාවක් ඇති බව හඳුනා ගැනීමෙන් පසුව සංචාරය සිදු වන්නේ ද නැත්ද යන්න පිළිබඳ පැවති සැක සහිත තත්වයකින් අනතුරුවයි.
කෙසේවෙතත් නිලධාරීන් තහවුරු කර ඇත්තේ රාජකීය යුවළ නිව් සවුත් වේල්ස් සහ කැන්බරා අග නගර කලාපය වෙත පැමිණෙනු ඇති බවයි.
චාල්ස් රජු ඔක්තෝබර් මාසයේ ඔස්ට්‍රේලියාවේ සහ සැමෝවා රාජ්‍යයේ සංචාරයේ නිරත වන අතර පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට ද (CHOGM) 2024 සහභාගී වනු ඇති බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
රජු පිළිකා රෝගයට ප්‍රතිකාර ලබමින් සිටීම හේතුවෙන් වෛද්‍ය උපදෙස් මත ඔස්ට්‍රේලියානු සංචාරය සීමා කරන බව රාජකීය බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.
75 හැවිරිදි චාල්ස් රජු 2022 වසරේ සැප්තැම්බර් 8 වනදා දෙවන එලිසබෙත් රැජිනගේ අභාවයෙන් පසු රාජ්‍යත්වයට පත් වූ අතර ඔහු කිරුළ පළඳිනු ලැබුවේ පසුගිය වසරේ මැයි මාසයේදීයි.