වික්ටෝරියා ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන සේවා භාවිත කරන මගීන් ගාස්තු නොගෙවා යාමේදී ලබාදෙන දඩ මුදල් ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.
ප්‍රාන්ත ප්‍රවාහන බලධාරීන් පෙන්වා දෙන්නේ Myki කාඩ්පතක් නොමැතිව ගමන් කරන අයෙකු ආරක්ෂක අංශවලට හසු වුවහොත් ඔවුන්ට ලෝකයේ වඩාත්ම ඉහළ දඩයක් ගෙවීමට සිදු විය හැකි බවයි.
ඒ අනුව පොදු ප්‍රවාහනයේ වලංගු ටිකට් පතක් හෝ සහන කාඩ්පතක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වන පුද්ගලයින්ට ඩොලර් 296ක දඩයක් ගෙවීමට ද සිදු වනු ඇති.
කෙසේවෙතත් වික්ටෝරියා ප්‍රාන්ත ප්‍රවාහන බලධාරීන්ගේ මෙම තීරණය සම්බන්ධයෙන් පාර්ශව රැසකින් චෝදනා ද එල්ලවී තිබෙනවා.
සමාජ සුබසාධනය වෙනුවෙන් පෙනී සිටින නියෝජිත කණ්ඩායම් පෙන්වා දෙන්නේ රජය දුප්පත් සහ අවදානමට ලක් වූවන් ඉලක්ක කර මෙම තීරණය ගෙන ඇති බවයි.
වලංගු ප්‍රවේශපත්‍රයක් හෝ සහන හිමිකමක් පිළිබඳ සාක්ෂි ඉදිරිපත් කිරීමට අපොහොසත් වන මගීන් සඳහා වන දඩ මුදල පසුගිය පළමු වනදා සිට ඩොලර් 296 දක්වා ඩොලර් 8 කින් වැඩි කෙරුණා.
එම වරද සඳහා බටහිර ඔස්ට්‍රේලියාවේ පනවනු ලබන දඩය ඩොලර් 100ක් වන අතර ලන්ඩනයේ දඩ මුදල ඩොලර් 95කට සමාන වන බවයි සඳහන් වන්නේ.