ක්වීන්ස්ලන්ඩ් ප්රාන්ත රජය පොදු ප්රවාහන සේවයේ ආරක්ෂාව වැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා.
පොදු ප්රවාහනය සඳහා අය කෙරෙන ගාස්තුව ශත 50ක් දක්වා අඩු කිරීමට පෙර මෙම නව ආරක්ෂාක වැඩපිළිවෙල ක්රියාත්මක කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. වැඩි කරනු ඇත.
මේ වන විට ප්රාන්තයේ පොදු ප්රවාහන සේවා භාවිතය කොවිඩ් වසංගතයට පෙර පැවති තත්වයට පැමිණ නොමැති වුව ද ගාස්තු අඩු කිරීමෙන් පසු පොදු ප්රවාහනය භාවිත කරන මගීන් ඉහළ යනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.
ඒ අනුව යෙදවීමට නියමිත විශේෂ ආරක්ෂක කණ්ඩායමක් මගින් ක්වීන්ස්ලන්ඩ් ප්රාන්තයේ දුම්රිය සහ බස් සේවාව පුරා ඇති CCTV කැමරා 12,000කට වඩා නිරීක්ෂණය කරනු ඇති.
ඊට අමතරව පොලිසිය ඇතුලු ආරක්ෂක නිලධාරීන් ද රාත්රී බස් රථ සහ දුම්රියවල ගමන් කරමින් පරීක්ෂා කිරීමට ද සැලසුම් කර තිබෙනවා.
බස් නැවතුමක, බස් මාර්ගයක හෝ දුම්රිය ස්ථානයේ දිගු වේලාවක් රැඳී සිටීම වළක්වා ගැනීමට තම ගමන් කල්තියා සැලසුම් කිරීම මගින් අපහසුතාවන් අවම කර ගැනීමට හැකි වනු ඇති බවටයි ජනතාවට දැනුම් දෙන්නේ.
ක්වීන්ස්ලන්ඩ් ප්රාන්ත පොදු ප්රවාහනයේ සියලු සේවා සඳහා අය කෙරෙන ගාස්තුව ශත 50ක් දක්වා අඩු කිරීම අගෝස්තු මාසයේ සිට ක්රියාත්මක කිරීමට නියමිතයි.