ලොව හොඳම ගෘහ නිර්මාණ ශිල්පීය හැකියාවන් පෙන්නුම් කෙරෙන නිර්මාණ අතරට ඔස්ට්‍රේලියාවට අයත් ඉදි කිරීම් දෙකක් ද ඇතුලත්ව තිබෙනවා.
වාර්ෂික ලෝක වාස්තු විද්‍යා සම්මාන උළෙලේ සංවිධායකයින් විසිනුයි මෙම වසරේ හොඳම ගෘහ නිර්මාණ වෙනුවෙන් පිරිනැමෙන ත්‍යාගය සඳහා ව්‍යාපෘති 220ක පමණ ප්‍රමාණයකින් මෙම තෝරා ගැනීම් සිදු කර ඇත්තේ.
Bates Smart විසින් නිර්මාණය කරනු ලැබූ වොෂින්ටනයේ පිහිටි ඔස්ට්‍රේලියානු තානාපති කාර්යාලය මෙම ලැයිස්තුවේ විශේෂ නිර්මාණ අතරින් එකක්.
මෙල්බන්හි පිහිටි Preston Level Crossing ද මෙලෙස සම්මානයට පාත්‍ර වීමට නියමිත විශිෂ්ට නිර්මාණ අතරට අයත් වනවා.
තරගාවලියේ අවසන් තරඟකරුවන් සියලු දෙනා එළඹෙන නොවැම්බර් මාසයේ පැවැත්වෙන උත්සවයේදී ඔවුන්ගේ ව්‍යාපෘති ඉදිරිපත් කරනු ඇති.
නියෝජිතයින් 175 දෙනෙකුගෙන් යුත් මණ්ඩලයක් විසින් ජයග්‍රාහකයින් තෝරා ගැනීම සඳහා ඡන්දය ප්‍රකාශ කරනු ඇති අතර පසුව සමස්ත ශූරතාව සඳහා හොඳම නිර්මාණ තෝරා ගැනෙන බව සඳහන්.
ලෝක වාස්තු විද්‍යා සම්මාන උළෙල මෙවර පැවැත්වෙන්නේ 17 වන වරටයි.