ශ්‍රී ලංකා පන්දු වාර 20 ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා ලෙස චරිත් අසංලක පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර ඇතැයි වාර්තා වනවා.
මේ බව ඔහුට පසුගිය සිකුරාදා නිල වශයෙන් දැනුම් දී ඇති බවයි මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
ඒ අනුව චරිත් අසලංක ඉන්දියාව සමඟ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත T20 තරගාවලියේ සිට ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය නායකයා ලෙස කටයුතු කරනු ඇති.
වනිඳු හසරංග නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කිරීමත් සමඟ එම පුරප්පාඩුවට චරිත් අසලංක පත් කිරීමට කටයුතු කර ඇති බව සඳහන්.
පසුගිය සිකුරාදා චරිත් අසලංක සහ තේරීම් කමිටුවේ සාමාජිකයන් අතර පැවැති සාකච්ඡාවේ දී ඉදිරි තරගාවලිය සඳහා ක්‍රීඩා කරන කණ්ඩායම් සංයෝජනය සම්බන්ධයෙන් ද සාකච්ඡා කර ඇති බව වාර්තා වනවා.
වනිඳු හසරංග ශ්‍රී ලංකා පන්දුවාර විස්ස කණ්ඩායමේ නායකයා ලෙස මාස හයකට ආසන්න කාලයක් කටයුතු කළ අතර එම කාලයේ දී ඔහුගේ හැසිරීම සහ නායකත්වය සම්බන්ධයෙන් දැඩි විවේචන සමාජ මාධ්‍ය හරහා එල්ලවී තිබුණා.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන පන්දු වාර විස්ස ක්‍රිකට් තරගාවලිය ලබන 27 වැනිදා මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.