
තුන්වන චාල්ස් රජුගේ ඔස්ට්‍රේලියානු සංචාරය පිළිබඳ නිල දැනුම්දීම ඉදිරි සතියේ ප්‍රකාශයට පත් කරන බව දැනුම් දී තිබෙනවා
චාල්ස් රජු සහ කැමිලා පාකර් ආර්යාව ලබන ඔක්තෝබර් මාසයේ මෙරටට පැමිණෙනු ඇති බවටයි මේ වන විට වාර්තා වී ඇත්තේ.
කෙසේවෙතත් රජුගේ රෝගී තත්වය හේතුවෙන් මෙම ඔස්ට්‍රේලියානු සංචාරය සිඩ්නි සහ කැන්බරා වෙත සීමා වන බව සඳහන්.

චාල්ස් රජු බටහිර ඔස්ට්‍රේලියාවේ පර්ත් අගනුවර වෙත පැමිණීමට අපේක්ෂාවෙන් සිටිය ද එම සංචාරය පිළිබද මෙතෙක් නිල ස්ථාවරයක් නොමැති බව ද වාර්තා වනවා.
රජුගේ රෝගී තත්වය සහ ඔස්ට්‍රේලියානු සංචාරය සිදු කෙරෙන ආකාරය පිළිබද රජුගේ නියෝජිතයින් මේ දින වල අධ්‍යනයක නිරත වන බව සඳහන්.
