Search

මෙල්බන්වල සැක කටයුතු මරණයක්

මෙල්බන් බොක්ස් හිල් (Box Hill) ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක පඩිපෙළක් මත තිබී මළ සිරුරක් හමුවීම සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මෙය පුද්ගල ඝාතනයක් බවට සැක කර විමර්ශන සිදු කරන බවයි වික්ටෝරියා පොලිසිය සඳහන් කර ඇත්තේ.

පහරදීමේ සිදුවීමක් පිළිබඳ ලැබුණු තොරතුරකට අනුව ඊයේ රාත්‍රී 7.45ට පමණ බොක්ස් හිල් ප්‍රදේශයේ නිවසකට පොලිසිය පැමිණ තිබුණා.

එහිදීයි පොලිස් නිලධාරීන් පඩිපෙළක තිබී පිරිමි අයෙකුගේ මළ සිරුරක් සොයාගෙන ඇත්තේ.

එම ස්ථානයේ සිටි පුද්ගලයෙකු පොලිස් භාරයට ගෙන ප්‍රශ්න කෙරෙමින් පවතින බව සඳහන්.

ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ අනන්‍යතාව හඳුනාගෙන නොමැති අතර පොලිස් භාරයට ගත් සැකකරු සහ මියගිය පුද්ගලයා එකිනෙකා හඳුනන බවට විශ්වාස කරන බව පොලිසිය සඳහන් කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන අතර පොලිසිය අද එම ප්‍රදේශයේ CCTV දර්ශන ද පරික්ෂා කිරීමට නියමිතයි.

මැදපෙරදිග ගැටුම් නිසා ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ අවවාදයක්

ලෙබනනය පුරා වාර්තා වූ සමූහ පිපිරීම්වලින් පසු පලස්තීනය, ඊශ්‍රායලය, සිරියාව සහ ලෙබනනය ඇතුලු මැදපෙරදිග යන රටවලට සංචාරය කිරීමෙන් වළකින්නැයි ඔස්ට්‍රේලියාව තම පුරවැසියන්ට අවධාරණය කර තිබෙනවා.

Read More »

ඩොලර් සිය ගණනක් වැය වන එන්නතක් SA ප්‍රාන්තයේ විශේෂ කණ්ඩායමකට නොමිලේ

භයානක ශ්වසන රෝගී තත්වයක් වන RSV වෙනුවෙන් ලබාදෙන එන්නත දකුණු ඔස්ට්‍රේලියාවේ ගර්භනී කාන්තාවන්ට සහ ළදරුවන්ට නොමිලේ ලබාදීමට තීරණය ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ දේශීය ගුවන් ගමන් ගාස්තු කැපී පෙනෙන ලෙස ඉහළට

රෙක්ස් (Rex) සහ බොන්සා (Bonza) කලාපීය ගුවන් සේවා ඔස්ට්‍රේලියාවේ අගනුවරවලින් ඉවත්වීම සමග දේශීය ගුවන් යානාවල ගමන් ගාස්තු ඉහළ ගොස් ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

Alarm එක නිසා පැය 10කට පසු බේරුණු මෙල්බන් තරුණයා

මෙල්බන් සසේෆ්‍රාස් (Sassafras) ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක සිදු වූ රිය අනතුරකින් පැය 10කට පමණ කාලයකට පසු අනතුරට ලක්වූ මෝටර් රථයේ සිරවී සිටි රියදුරා බේරා ගැනීමට හැකිවී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියා රජයේ තීරණයකට Instagram වෙතින් සහනයක්

නව යොවුන් වියේ පසුවන්නන් අතර වඩාත් ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදවුමක් වන ඉන්ස්ටග්‍රෑම් (Instagram) විසින් නව ආරක්‍ෂිත ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »