Search

ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගේ වාහන අනතුරුවලට ලක්වෙයි

හිටපු අමාත්‍යවරුන් වන ඩිලාන් පෙරේරා සහ රිෂාඩ් බදියුදීන් ගමන් ගත් මෝටර් රථ දෙකක් ප්‍රදේශ දෙකකදී අනතුරට ලක්ව තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා ගමන් ගත් මෝටර් රථය අනතුරට පත්වී ඇත්තේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම හුවමාරුව අසලදීයි.

ඔහුගේ මෝටර් රථය මාර්ගයෙන් ඉවතට ගොස් ආරක්ෂිත වැටක ගැටීමෙන් අනතුරට ලක්ව තිබෙනවා.

එම අනතුරින් මන්ත්‍රීවරයාට තුවාල සිදුවී නොමැති අතර තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්.

මේ අතර හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ගමන් ගත් මෝටර් රථය කරුවලගස්වැව ප්‍රදේශයේදී අනතුරකට ලක්වී තිබෙනවා.

ප්‍රධාන මාර්ගයට පැමිණි පාපැදිකරුවෙකු රථයේ ගැටීම වළක්වා ගැනීමට උත්සාහ කිරීමේදී මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන අනතුර සිදුවී ඇති බවයි සඳහන් වන්නේ.

එම අනතුරින් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට හෝ වෙනත් කිසිවෙකුටත් තුවාල සිදුවී නැහැ.

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන්ට මුදල් ඉතිරි කර ගන්න මෙන්න සුබ පණිවුඩයක්

ඉදිරි මාස 12ක කාලයක් තුල පොලී අනුපාත කප්පාදු හතරක් සිදු වන බවට ඔස්ට්‍රේලියා කොටස් වෙළඳපල හුවමාරුව (ASX) පුරෝකථනය කර තිබෙනවා.

Read More »

QLD ශත 50 ගාස්තුව ගැන ප්‍රධාන පක්ෂ දෙකෙන්ම පොරොන්දුවක්

ලබන මාසයේ පැවැත්වෙන ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත මැතිවරණයෙන් කුමන පක්ෂය ජයග්‍රහණය කළ ද පොදු ප්‍රවාහනයට හඳුන්වා දුන් ශත 50 ගාස්තුව තවදුරටත් පවත්වාගෙන යාමට ප්‍රධාන පක්ෂ දෙකම පොරොන්දු වී තිබෙනවා.

Read More »

ජයග්‍රාහකයාට එපා වූ $ මිලියනයේ ජයමල්ලට දින 10 කින් වෙන්න යන දේ

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දකුණු ඔස්ට්‍රේලියාවේ දිනුම් අදිනු ලැබූ ලොතරැයියක ඩොලර් මිලියනයක ත්‍යාග මුදල ලබා ගැනීමට මෙතෙක් කිසිවෙකුත් ඉදිරිපත් වී නොමැති බව වාර්තා වනවා.

Read More »

Summer එළැඹීමත් සමග hay fever ගැන අනතුරු ඇගවීමක්

ගිම්හාන (Summer) සෘතුව ආරම්භවීමත් සමග ඔස්ට්‍රේලියානුවන් අතර සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ රෝගය ක්‍රමයෙන් ව්‍යාප්ත වනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ අපරාධ අගනුවර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ලේබර් (Labor) පක්ෂ පාලනය යටතේ ලිංගික අපරාධ, මංකොල්ලකෑම් සහ විවිධ අමානුෂික පහරදීම් වැනි සාපරාධි ක්‍රියා වැඩිවී ඇති බවට විපක්ෂය චෝදනා කරනවා‍

Read More »