Search

මෙල්බන්වල අපරාධකරුවන්ගේ කේන්ද්‍රස්ථානයක් ඩොලර් 99,000 කට අලෙවි වෙයි

මෙල්බර්න් ෆ්‍රෑන්ක්ස්ටන් (Frankston) ප්‍රදේශයේ අපරාධ ක්‍රියාකාරකම්වල කේන්ද්‍රස්ථානයක් ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇති උත්සව ශාලාවක කොටසක් ඩොලර් 99,000 කට අලෙවි කර ඇතැයි වාර්තා වනවා.

ඇම්බැසඩර් නම් වූ මෙම හෝටලය (Ambassador Hotel) තුළ පිහිටි එක් නිදන කාමරයක් සහ නාන කාමරයක් සහිත ඒකකය ජුනි මාසයේදී මෙලෙස විකුණා ඇති බවයි සඳහන් වන්නේ.

මෙම හෝටලයේ කොටසක් අලෙවි කිරීම සඳහා පළ කර තිබූ දැන්වීම මගින් ප්‍රකාශ කර තිබී ඇත්තේ මෙය පරිපූර්ණ ආයෝජන අවස්ථාවක් ලෙසටයි.

1980 සහ 1990 වසරවල මෙම උත්සව ශාලාව මංගල උත්සව සඳහා ජනප්‍රිය ස්ථානයක් වුව ද එම ගොඩනැගිල්ල මේ වන විට මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්, අනවසර පදිංචිකරුවන් සහ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවල නිරත වන්නන් සඳහා ප්‍රසිද්ධ ස්ථානයක් ලෙසටයි සැලකෙන්නේ.

මෙම ස්ථානයේ කොටසක් අලෙවි කිරීමට සම්බන්ධ වූ දේපල අලෙවි සමාගමේ අධ්‍යක්ෂවරයා කියාසිටියේ හෝටලයට අමිහිරි අතීතයක් පැවතුණ ද වර්තමානයේ එය බොහෝ සෙයින් දියුණු වී ඇති බවයි.

මෙම සංකීර්ණය ප්‍රතිසංස්කරණය කර වැඩි දියුණු කර ඇති අතර මීට වසර දෙකකට පමණ පෙර පොලිස් ස්ථානයට ද සම්බන්ධ වන ආකාරයෙන් CCTV පද්ධතියක් ද සවි කළ බව ඔවුන් සඳහන් කර තිබෙනවා.

ජුනි මාසයේදී අලෙවි කරන ලද කොටස දැනට සැප්තැම්බර් දක්වා මාසයකට ඩොලර් 999ක මුදලකට බදු දී ඇති බව සඳහන්.

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන්ට මුදල් ඉතිරි කර ගන්න මෙන්න සුබ පණිවුඩයක්

ඉදිරි මාස 12ක කාලයක් තුල පොලී අනුපාත කප්පාදු හතරක් සිදු වන බවට ඔස්ට්‍රේලියා කොටස් වෙළඳපල හුවමාරුව (ASX) පුරෝකථනය කර තිබෙනවා.

Read More »

QLD ශත 50 ගාස්තුව ගැන ප්‍රධාන පක්ෂ දෙකෙන්ම පොරොන්දුවක්

ලබන මාසයේ පැවැත්වෙන ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත මැතිවරණයෙන් කුමන පක්ෂය ජයග්‍රහණය කළ ද පොදු ප්‍රවාහනයට හඳුන්වා දුන් ශත 50 ගාස්තුව තවදුරටත් පවත්වාගෙන යාමට ප්‍රධාන පක්ෂ දෙකම පොරොන්දු වී තිබෙනවා.

Read More »

ජයග්‍රාහකයාට එපා වූ $ මිලියනයේ ජයමල්ලට දින 10 කින් වෙන්න යන දේ

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දකුණු ඔස්ට්‍රේලියාවේ දිනුම් අදිනු ලැබූ ලොතරැයියක ඩොලර් මිලියනයක ත්‍යාග මුදල ලබා ගැනීමට මෙතෙක් කිසිවෙකුත් ඉදිරිපත් වී නොමැති බව වාර්තා වනවා.

Read More »

Summer එළැඹීමත් සමග hay fever ගැන අනතුරු ඇගවීමක්

ගිම්හාන (Summer) සෘතුව ආරම්භවීමත් සමග ඔස්ට්‍රේලියානුවන් අතර සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ රෝගය ක්‍රමයෙන් ව්‍යාප්ත වනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ අපරාධ අගනුවර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ලේබර් (Labor) පක්ෂ පාලනය යටතේ ලිංගික අපරාධ, මංකොල්ලකෑම් සහ විවිධ අමානුෂික පහරදීම් වැනි සාපරාධි ක්‍රියා වැඩිවී ඇති බවට විපක්ෂය චෝදනා කරනවා‍

Read More »