Search

ඔස්ටෙලියාවේ රැකියා කරන අයට බදු කාර්යාලයෙන් දැනුම්දීමක්

තම superannuation හැකි සෑම අවස්ථාවකම පරීක්ෂා කර බලන ලෙසට ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත වූවන්ගෙන් බදු කාර්යාලය ඉල්ලීමක් කර තිබෙනවා.

එසේ නැතහොත් විශ්‍රාම යාමේදී සේවකයන්ට නිවැරදි හිමිකම් අහිමි විය හැකි බවයි ඔවුන් දැනුම් දෙන්නේ.

නව මුල්‍ය වර්ෂයේ සිට superannuation අනුපාතිකය සියයට 11.5 දක්වා වැඩි වීම හේතුවෙන් සේවා යෝජකයන් විසින් ඒ සඳහා වැඩිපුර මුදල් ගෙවීමට නියමිතයි.

බදු කාර්යාලය දැනුම් දෙන්නේ මෙම මාසයේ වැටුප් පත්‍රිකාව පරික්ෂා කර බලා එහි superannuation ගෙවීම්වල සිදුවී ඇති වෙනස තහවුරු කර ගන්නා ලෙසටයි.

පසුගිය පළමු වනදා සිට superannuation අනුපාතය සියයට 11 සිට සියයට 11.5 දක්වා වැඩි කෙරුණා.

ඉන් අදහස් කෙරෙන්නේ තම සේවායෝජකයා විසින් superannuation ගෙවීම් ඉහළ දැමීම හේතුවෙන් තමන්ගේ ඉදිරි ආයෝජනයට තවත් වැඩි මුදලක් එකතු වීමයි.

ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ නියෝජ්‍ය කොමසාරිස්වරිය පැවසුවේ superannuation යනු බොහෝ ඔස්ට්‍රේලියානුවන් සතු වැදගත්ම ආයෝජනවලින් එකක් බවයි.

එහෙත් බොහෝ බදු ගෙවන්නන් තම හිමිකම් සම්බන්ධයෙන් නොදැන සිටීම කණගාටුවට කරුණක් බවයි ඇය පෙන්වා දෙන්නේ.

මැදපෙරදිග ගැටුම් නිසා ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ අවවාදයක්

ලෙබනනය පුරා වාර්තා වූ සමූහ පිපිරීම්වලින් පසු පලස්තීනය, ඊශ්‍රායලය, සිරියාව සහ ලෙබනනය ඇතුලු මැදපෙරදිග යන රටවලට සංචාරය කිරීමෙන් වළකින්නැයි ඔස්ට්‍රේලියාව තම පුරවැසියන්ට අවධාරණය කර තිබෙනවා.

Read More »

ඩොලර් සිය ගණනක් වැය වන එන්නතක් SA ප්‍රාන්තයේ විශේෂ කණ්ඩායමකට නොමිලේ

භයානක ශ්වසන රෝගී තත්වයක් වන RSV වෙනුවෙන් ලබාදෙන එන්නත දකුණු ඔස්ට්‍රේලියාවේ ගර්භනී කාන්තාවන්ට සහ ළදරුවන්ට නොමිලේ ලබාදීමට තීරණය ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ දේශීය ගුවන් ගමන් ගාස්තු කැපී පෙනෙන ලෙස ඉහළට

රෙක්ස් (Rex) සහ බොන්සා (Bonza) කලාපීය ගුවන් සේවා ඔස්ට්‍රේලියාවේ අගනුවරවලින් ඉවත්වීම සමග දේශීය ගුවන් යානාවල ගමන් ගාස්තු ඉහළ ගොස් ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

Alarm එක නිසා පැය 10කට පසු බේරුණු මෙල්බන් තරුණයා

මෙල්බන් සසේෆ්‍රාස් (Sassafras) ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක සිදු වූ රිය අනතුරකින් පැය 10කට පමණ කාලයකට පසු අනතුරට ලක්වූ මෝටර් රථයේ සිරවී සිටි රියදුරා බේරා ගැනීමට හැකිවී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියා රජයේ තීරණයකට Instagram වෙතින් සහනයක්

නව යොවුන් වියේ පසුවන්නන් අතර වඩාත් ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදවුමක් වන ඉන්ස්ටග්‍රෑම් (Instagram) විසින් නව ආරක්‍ෂිත ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »