Search

ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සෙල්ෆි ගන්න නොමිලේ දුරකථන

මෙවර ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වන සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තරග ජය ගැනීමෙන් පසු සෙල්ෆි ඡායාරූප ලබා ගැනීම සඳහා නොමිලේ දුරකථන ලබාදීමට Samsung සමාගම පියවර ගෙන තිබෙනවා.

ඔලිම්පික් ක්‍රීඩා උළෙල වෙනුවන්ම සමාගම විසින් නිෂ්පාදනය කරනු ලැබූ Galaxy Z Flip6 දුරකථන මෙලෙස ලබාදෙන අතර ඉතිහාසයේ පළමු වරට තරගකරුවන්ට මෙවැනි සුවිශේෂී අත්දැකීමක් ලබාදෙන බවයි සමාගම සඳහන් කර ඇත්තේ.

සෑම ජයග්‍රාහී ඉසව්වක් අවසානයේදී ම ජයග්‍රාහකයින්ට ඔවුන්ගේ සම්මාන ලබා ගැනීම සහ තවත් වැදගත් අවස්ථා සටහන් කර ගැනීමට මෙය මහඟු අවස්ථාවක් වනු දුරකථන සමාගම ප්‍රකාශ කර තිබෙනවා.

ඉතිහාසයේ පළමු වතාවට සම්මාන ලබන වේදිකාවේ සෙල්ෆි ගැනීම තුළින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සමාජ මාධ්‍ය තුළ පෙරළියක් ඇති කරනු ඇති බවයි Samsung සමාගම විශ්වාසය පළ කරන්නේ.

නවතම Galaxy වර්ගයේ දුරකථන පැරිස් ඔලිම්පික් උළෙලේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබා දීමට ලැබීම ගෞරවයක් බව ද ඔවුන් ප්‍රකාශ කළා.

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබාදෙන මෙම දුරකථන තුළ AI තාක්ෂණය ඇතුලු පහසුකම් රැසකින් සමන්විත වන ආකාරයෙනුයි නිර්මාණය කර ඇති බව ද සඳහන්.

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන්ට මුදල් ඉතිරි කර ගන්න මෙන්න සුබ පණිවුඩයක්

ඉදිරි මාස 12ක කාලයක් තුල පොලී අනුපාත කප්පාදු හතරක් සිදු වන බවට ඔස්ට්‍රේලියා කොටස් වෙළඳපල හුවමාරුව (ASX) පුරෝකථනය කර තිබෙනවා.

Read More »

QLD ශත 50 ගාස්තුව ගැන ප්‍රධාන පක්ෂ දෙකෙන්ම පොරොන්දුවක්

ලබන මාසයේ පැවැත්වෙන ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත මැතිවරණයෙන් කුමන පක්ෂය ජයග්‍රහණය කළ ද පොදු ප්‍රවාහනයට හඳුන්වා දුන් ශත 50 ගාස්තුව තවදුරටත් පවත්වාගෙන යාමට ප්‍රධාන පක්ෂ දෙකම පොරොන්දු වී තිබෙනවා.

Read More »

ජයග්‍රාහකයාට එපා වූ $ මිලියනයේ ජයමල්ලට දින 10 කින් වෙන්න යන දේ

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දකුණු ඔස්ට්‍රේලියාවේ දිනුම් අදිනු ලැබූ ලොතරැයියක ඩොලර් මිලියනයක ත්‍යාග මුදල ලබා ගැනීමට මෙතෙක් කිසිවෙකුත් ඉදිරිපත් වී නොමැති බව වාර්තා වනවා.

Read More »

Summer එළැඹීමත් සමග hay fever ගැන අනතුරු ඇගවීමක්

ගිම්හාන (Summer) සෘතුව ආරම්භවීමත් සමග ඔස්ට්‍රේලියානුවන් අතර සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ රෝගය ක්‍රමයෙන් ව්‍යාප්ත වනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ අපරාධ අගනුවර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ලේබර් (Labor) පක්ෂ පාලනය යටතේ ලිංගික අපරාධ, මංකොල්ලකෑම් සහ විවිධ අමානුෂික පහරදීම් වැනි සාපරාධි ක්‍රියා වැඩිවී ඇති බවට විපක්ෂය චෝදනා කරනවා‍

Read More »